← BACKPolitics

මිනිත්තු 45ක රහසිගත රැස්වීමක්…නවසීලන්ත කාන්තාවන්ගේ වැටුප් සාධාරණත්ව අයිතිවාසිකම් අහෝසි කළාද?

BY Dhanush•PUBLISHED MARCH 20, 2026•1 MIN READ•0 COMMENTS

2025 මාර්තු 19 දින මිනිත්තු 45ක් පමණ පැවති අමාත්‍යවරුන්ගේ රැස්වීමක් මගින් නවසීලන්තයේ කාන්තා සේවකයින් දහස් ගණනකට බලපාන තීරණයක් ගනු ලැබුවා.

👉 එම තීරණය:
පසුව Equal Pay Act (වැටුප් සමානතා නීතිය) විශාල ලෙස වෙනස් කිරීමට මූලික වුණා. ඒ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබූ pay equity claims (වැටුප් සාධාරණත්ව ඉල්ලීම්) නවතා දැමුණා.

🧠 “මිනිත්තු 45” ඇතුළත සිදු වූයේ මොනවාද?

රටේ බලවත් අමාත්‍යවරු කීපදෙනෙක් online රැස්වීමකින් එකතු වුණා. මිනිත්තු 45කට සීමා වූ මෙමෙ රැස්වීම දහස් ගණනක් කාන්තා සේවකයින්ට බලපාන තීරණයක් ප්‍රකාශයට පත් කළා. එම තීරණය පසුව නීති වෙනස් කිරීමට අදාල පදනම වුණා.

⚖️ මොනවාද වෙනස් වුණේ?

👉 රජය විසින් නීතිය වෙනස් කරලා:

❌ පවතින claims (33ක් පමණ) නවතා දැමුණා.

❌ අලුත් claims ගන්න අවම සුදුසුකම් වැඩි කළා.

❌ කාන්තාවන් වැඩි වශයෙන් කරන වෘත්තීන්ට සාධාරණ වැටුප් ලබා ගැනීම අසීරු කළා.

👉 මේ නීතිය බලපාපු අංශ:

හෙදියන් / ගුරුවරුන් / සාත්තු සේවකයින් / සමාජ සේවකයින්

📊 සමස්තයක් වශයෙන්:
👉 මෙයින් දහස් ගණනකට වැඩි කාන්තාවන්ට බලපෑම් ඇතිවුනා.

💰සැඟවුණු හේතුවක්?

පූර්ව සැලැස්ම අනුව කාන්තාවන්ට වැටුප් සාමානාත්මභාවය ඇති කිරීමට බිලියන 12.8ක් වෙන් කර තිබුණා.

නමුත් නීතිය වෙනස් කිරීම මගින් එම මුදල් රජයේ වෙනත් වියදම් වලට ආපසු යොදාගත්තා.

⚠️“අධික බලය භාවිතා කළාද?”

මෙම නීතිය ඉතා ඉක්මනින් (දින 3ක් ඇතුළත) පාර්ලිමේන්තුවට ගෙන ගියා. ජනතාවට අදහස් දක්වන්න අවස්ථාවක්වත් ලැබුණේ නැහැ.

👉 විවේචකයන් කියනවා:
මේක “බලය අනිසි ලෙස භාවිතා කිරීමක්” බව.

👩‍🏫 මෙයින් කාන්තාවන්ට ඇති බලපෑම කොපමණද?

පෙරදී කාන්තාවන්ට තම වැඩ අඩු අගයකින් සැලකුණු බව පෙන්වා වැටුප් වැඩි කරගන්න අවස්ථාවක් හිමිවුනා.
නමුත් දැන් එය ප්‍රායෝගිකව කරන්න බැහැ.

👉 උදාහරණයක් ලෙස ගුරු උපකාරක සේවකයින්ට (teacher aides) ලෙස කලින් ලැබුණු වාසි නැවත ලැබෙන්නේ නැහැ.

🤔 ඇයි මේ තීරණය ගත්තේ?

👉 රජයට අනුව පද්ධතිය වැඩි වියදම් සහිත එකක් වීම ප්‍රධාන හේතුවයි. ඔවුන් “සැබෑ ලිංගික අසාධාරණතා” පමණක් හඳුනාගන්න නීතිය දැඩි කළ බවට වැඩි දුරටත් කරුණු දක්වනවා.

👉 නමුත් විශේෂඥයන් පවසන්නේ…
රජය කාන්තාවන්ගේ අයිතිවාසිකම් වලට වඩා “වියදම” ගැන වැඩි අවධානයක් යොමු කළා කියල.

“කෙටි රැස්වීමක ගත් තීරණයකට, දහස් ගණනක් ජනතාවගේ ජීවිත වෙනස් කළ හැකිද?”

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *