← BACKPolitics

නවසීලන්තයේ අගමැති ලක්සන් ජනප්‍රියත්වයෙන් පහළට!📉 දුර්වල ආර්ථිකය නිසා මැතිවරණයට පෙර විශාල පීඩනයක්.

BY DhanushPUBLISHED MARCH 25, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ අගමැති Christopher Luxonට සම්බන්ධව නවතම මත විමසීමකින් (poll) අනාවරණය වෙන්නේ ඔහුගේ ජනප්‍රියත්වය දැඩි ලෙස පහළ ගොස් ඇති බවයි. එය මේ වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණයට පෙර ඔහුට ගැටලුකාරී තත්වයක් බව විශේෂඥයන් පවසනවා.

📊 අලුත්ම දත්ත වලට අනුව ජනතා සහය පහළට…..

නවතම මත විමසීම අනුව:

🔻 ලක්සන්ගේ “Preferred Prime Minister” අගය 17% පමණට පහළ ගොස් ඇත.
🔺 විපක්ෂ නායක Chris Hipkins ඔහුට වඩා ඉදිරියෙන් සිටී.
🔻 ලක්සන්ගේ National Party සහයද පහළ වැටී ඇත.
🔺 Labour Party මේ වන විට ඉදිරියට පැමිණ ඇත.

👉 මෙයින් පැහැදිලි වෙන්නේ ජනතාව අතර රජයට තිබූ විශ්වාසය අඩුවෙමින් පවතින බවයි.

💰 ආර්ථිකය තමයි ප්‍රධාන ගැටලුව…..

මේ පහළ යාමේ ප්‍රධාන හේතුව වන්නේ රටේ දුර්වල ආර්ථික තත්ත්වයයි.

📉 ආර්ථික වර්ධනය ඉතා අඩුයි.
💸 ජීවන වියදම් ඉහළ ගොස් ඇත. (ඉන්ධන, ආහාර, බිල්)
😟 ජනතාවට මුදල් අර්බුදයක් දැනෙයි.

👉 බොහෝ ජනතාවගේ අදහස වන්නේ:
“රට වැරදි දිශාවකට යනවා” කියලයි.

⚠️ දේශපාලන පීඩනය වැඩි වෙයි…..

මෙම තත්ත්වය නිසා:
ලක්සන්ගේ නායකත්වය ගැන ප්‍රශ්න මතු වෙමින් අතර රජය පවත්වාගෙන යාමටද එය බාධාවක් විය හැක. මේ තත්වය මැතිවරණය පැවැත්වුණොත් ජයග්‍රාහකයෙක් පැහැදිලිව නොපෙනෙන තත්ත්වයක් ඇතිවිය හැක.

🗳️ ඉදිරි මැතිවරණයට බලපාන ආකාරය……
නවසීලන්තයේ මහා මැතිවරණය 2026 නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතය.

මෙම මත විමසීම් අනුව:

🟡 තරඟය දැඩි වන ලකුණු.
🔄 බලය මාරුවීමේ වැඩි අවස්ථාවක් තිබේ.
💡 ජනතාවගේ තීරණයට ආර්ථිකය සහ ජීවන වියදම ප්‍රධාන බලපෑමක් එක් කරයි.

මේ තත්ත්වය දිගටම පවතිනවා නම්, අගමැති ලක්සන්ගේ රජයට බලය රැකගැනීම අභියෝගයක් වෙයි. ඉදිරි මාස කිහිපය තුළ ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති සහ තීබ්දු තීරණ ජයග්‍රහණයට ඉතා වැදගත් වෙයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *