← BACKTechnology

මිනිසා නැවතත් සඳට යයි!නාසා ඉතිහාසයේ අතිවිශාල අභ්‍යවකාශ ගමනකට සූදානම් වෙයි!

BY DhanushPUBLISHED MARCH 26, 20261 MIN READ0 COMMENTS

මීට වසර 50කට පමණ පෙර සඳ වෙත මිනිසා ගමන් කළ පසු, එතෙක් පෘථිවියෙන් පිටතට සිදු කරන ලද දීර්ඝතම මිනිස් අභ්‍යවකාශ ගමනක් සඳහා නැවත ලෝකය සූදානම් වෙමින් පවතී.
ඇමරිකාවේ NASA ආයතනය විසින් සැලසුම් කර ඇති Artemis II මෙහෙයුම, මිනිසා නැවත සඳ වෙත යොමු කරන ඉතා වැදගත් පියවරක් ලෙස සැලකේ.

මෙම ඓතිහාසික ගමනේදී අභ්‍යවකාශගාමීන් සිව්දෙනෙකු දින 10කට ආසන්න කාලයක් පුරා පෘථිවියේ සිට සැතපුම් ලක්ෂ 5කට (800,000 kmට ආසන්න) වැඩි දුරක් ගමන් කරමින් සඳ වටා පියාසර කර නැවත පෘථිවියට පැමිණීමට නියමිතය.
මෙය Apollo යුගයෙන් පසු මිනිසුන් සිදු කරන දීර්ඝතම අභ්‍යවකාශ ගමන ලෙසද හැඳින්වේ.

මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වන්නේ,
• ඉදිරියේදී මිනිසා නැවත සඳ මත ගොඩබැසීම,
• සඳ මත ස්ථිර පදනමක් පිහිටුවීම,
• සහ ඉදිරියේදී මිනිසා වෙනත් ග්‍රහලෝකවල ජීවත් වීමට අවශ්‍ය තාක්ෂණ පරීක්ෂා කිරීමය.

මෙම ගමනේදී අභ්‍යවකාශගාමීන් ගමන් කරන්නේ Orion spacecraft නමැති අතිනවීන යානයක වන අතර, එය ඉතා කුඩා ඉඩකඩක් සහිත බැවින් දින කිහිපයක් එකම ස්ථානයක සිටීම විශාල අභියෝගයක් බව විද්‍යාඥයින් පවසයි.

මෙම මෙහෙයුම සඳහා භාවිත කරන්නේ මෙතෙක් නිපදවා ඇති බලවත්ම රොකට්ටුවක් වන
Space Launch System වන අතර, එය
Kennedy Space Center හි සිට අභ්‍යවකාශයට විදීමට සූදානම් කර ඇත.

නාසා බලධාරීන් සඳහන් කරන්නේ,

“මෙය පර්යේෂණාත්මක නමුත් ඉතා වැදගත් මෙහෙයුමක්. ඉදිරියේදී මිනිසා සඳ මත නැවත පදිංචි වීමට මෙය පළමු විශාල පියවරයක්”
යනුවෙනි.

මෙම ගමන සාර්ථක වුවහොත්,
🌕 මිනිසා නැවත සඳ මතට, ඉදිරියේදී අගහරු (Mars) ගමනට, සහ අභ්‍යවකාශයේ ස්ථිර ජීවිතයට
දොර විවර වනු ඇති බව විද්‍යාඥයන් විශ්වාස කරති. 🚀

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *