
ක්‍රිකට් ලෝකයේ දැවැන්තම සැණකෙළිය, TATA IPL 2026 (19 වන අදියර) දැන් ආරම්භ වුණා.
මෙවර තරඟාවලිය වෙනදාටත් වඩා උද්යෝගිමත් මුහුණුවරක් ගෙන තිබෙන්නේ නව නීති රීති සහ ප්‍රබල කණ්ඩායම් ගැටුම් සමඟිනුයි.
මෙන්න මෙවර තරඟාවලියේ ඔබ දැනගත යුතුම වැදගත් තොරතුරු.
📅 තරඟ කාලසටහන සහ කණ්ඩායම්.
- ආරම්භය: 2026 මාර්තු 28 ( Bengalaru හිදී)
- අවසානය (Final): 2026 මැයි 31
- සමස්ත තරඟ සංඛ්‍යාව: තරඟ 74ක්
- කණ්ඩායම්: කණ්ඩායම් 10ක්.
(CSK, MI, RCB, KKR, SRH, RR, PBKS, DC, GT, LSG)
🏆 කණ්ඩායම් බෙදීම (Format)
මෙවර තරඟාවලිය කාණ්ඩ දෙකකින් පැවැත්වෙන අතර, එක් කණ්ඩායමකට මූලික වටයේදී තරඟ 14 බැගින් හිමිවේ.
Group A: CSK, KKR, RR, RCB, PBKS
Group B: MI, SRH, GT, DC, LSG
🚨 BCCI හඳුන්වා දුන් නව නීති සහ වෙනස්කම්.
මෙවර ක්‍රීඩකයන්ගේ විනය සහ තණතීරු ආරක්ෂා කිරීම වෙනුවෙන් දැඩි නීති කිහිපයක් පනවා ඇත.
- තරඟ දිනයේ පුහුණුවීම් තහනම්.
ප්‍රධාන තණතීරුව ආරක්ෂා කර ගැනීම සඳහා තරඟ පැවැත්වෙන දිනවල ක්‍රීඩාංගණයේ පුහුණුවීම් සිදු කිරීම තහනම් කර ඇත. - නිල ඇඳුම් නීති.
තරඟයෙන් පසු පැවැත්වෙන ප්‍රදානෝත්සව (Presentation) සඳහා අත් රහිත ජර්සි හෝ “Floppy hats” පැළඳීම තහනම් කර තිබේ. - Orange & Purple Caps.
අදාළ හිමිකරුවන් තරඟය ආරම්භයේදී අනිවාර්යයෙන්ම එම තොප්පි පැළඳ සිටිය යුතුය. - පවුලේ සාමාජිකයන්ට සීමා.
ක්‍රීඩකයන්ගේ පවුලේ සාමාජිකයන්ට කණ්ඩායම් බස් රථයේ ගමන් කිරීම සහ පුහුණු සැසිවලදී පිටියට ඇතුළු වීම සීමා කර ඇත.
📍 ප්‍රධාන ක්‍රීඩාංගණ.
ඉන්දියාව පුරා විසිරුණු ක්‍රීඩාංගණ 13කදී තරඟ පැවැත්වේ. මීට අමතරව Guwahati, Dharamsala සහ Raipur වැනි නගරවලටද මෙවර තරඟාවලියේ සත්කාරකත්වය හිමිවී ඇත.
📣 ඔබේ ප්‍රියතම කණ්ඩායම කුමක්ද?
මෙවර කුසලානය කාට හිමිවෙයිද?
පහතින් Comment කරන්න! 👇

0 Comments