
නවසීලන්තයේ Dunedin නගරයට අසන්න Beachlands Speedway තරඟ පිටියේ සිදුවූ බිහිසුණු අනතුරක් හේතුවෙන් ප්‍රසිද්ධ දේශීය ධාවකයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි. මෙම සිද්ධිය මෝටර් ක්‍රීඩා ලෝකයම කම්පනයට පත් කරමින් ක්‍රීඩකයන් හා රසිකයයින් අතර විශාල දුකක් ඇති කර තිබේ.
⚠️ මාරක අනතුර සිදුවූයේ කෙසේද?
මෙම අනතුර සිදුවී ඇත්තේ සෙනසුරාදා සවස පැවැත්වූ “Modified Thunder” නම් මඩ මත පැවැත්වෙන තරඟයකදීය. වසර 8කට පසු නැවත ආරම්භ වූ මෙම තරඟය අතරතුර, වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් වසගුවක් ගන්නා අතරතුර පාලනයෙන් ඉවතට ගොස් තවත් වාහනයකට ගැටී, අවසානයේ බිත්තියක ගැටුනු බව ඇසින් දුටුවන් පවසයි.
🚑 ජීවිතය බේරා ගැනීමේ මෙහෙයුම….
අනතුර සිදුවූ වහාම Hato Hone St John හදිසි වෛද්‍ය කණ්ඩායම්, ගිනි නිවීම් සේවා සහ පොලිසිය ස්ථානයට පැමිණ ඇත. නමුත් අවාසනාවන්ත ලෙස තුවාල ලැබූ ක්‍රීඩකයා බේරා ගැනීමට නොහැකිව එම ස්ථානයේදීම මියගොස් ඇත.
පොලිසියේ Serious Crash Unit කණ්ඩායම මේ වනවිට සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර, WorkSafe ආයතනයද මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් සිටී.
💔 ක්‍රීඩා ලෝකයම ශෝකයෙන්….
මියගිය ධාවකයා ස්පීඩ්වේ ක්‍රීඩාවේ ඉතා ගෞරවනීය සහ ජනප්‍රිය පුද්ගලයෙකු ලෙස හඳුන්වයි. ඔහුගේ මරණය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් ශෝක පණිවිඩ ගලා යමින් පවතින අතර, ක්‍රීඩා සමාජයට ඔහුගේ අහිමිවීම දැඩි ලෙස බලපා ඇත.

0 Comments