← BACKHealth

සීඝ්‍රයෙන් පැතිර යන ෆීජි දේශයේ HIV.සතියකට එක් බිළිදෙක් වෛරසය සමග උපත ලබයි. පැසිෆික් කලාපයටම දැඩි සෞඛ්‍ය අනතුරු ඇගවීමක්!

BY DhanushPUBLISHED MARCH 30, 20261 MIN READ0 COMMENTS

ෆිජි දේශය දැඩි සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දෙන අතර, HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාව ජනගහනයේ ප්‍රමාණයෙන් 1%කට ආසන්නව ඉහළ ගොස් ඇති බව නවතම වාර්තා හෙළි කරයි. මෙම තත්ත්වය රටට පමණක් නොව, සමස්ත පැසිෆික් කලාපයටම බලපාන ගැටලුවක් බවට පත්වෙමින් ඇත.

📊 වේගයෙන් ඉහළ යන ආසාදිතයින් සංඛ්‍යාව….

ෆිජියේ මේ වන විට මිනිසුන් 9,000කට ආසන්න සංඛ්‍යාවක් HIV සමඟ ජීවත් වන බව වාර්තා වේ. පසුගිය වසර කිහිපය තුළ මෙම සංඛ්‍යාව ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇති අතර:

👉🏻2025දී පමණක් 2,000කට අධික නව ආසාදන වාර්තා වී ඇත.
👉🏻2024 සමඟ සසඳන විටද සැලකිය යුතු වර්ධනයක්.
👉🏻සමස්තයෙන් 700%කට අධික ඉහළ යාමක් පසුගිය කාලයේදී දක්නට ලැබේ.

මෙම තත්ත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද “ඉක්මනින් වර්ධනය වන රෝග ව්‍යාප්තියක්” ලෙස හැඳින්වීමට හේතු වී ඇත.

⚠️ උග්‍ර තත්ත්වයක්, සමාජය පුරා පැතිරෙයි….

2025දී ෆිජි රජය මෙය ජාතික අර්බුදයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. පසුගිය කාලයේදී HIV විශේෂ කණ්ඩායම්වලට පමණක් සීමා වූවත්, දැන් එය:

👉🏻සාමාන්‍ය ජනතාව අතර
👉🏻පවුල් අතර
👉🏻කාර්යාල සහ සමාජ වටපිටාව තුළ

වඩාත් පුළුල් ලෙස පැතිරෙමින් පවතී.

විශේෂයෙන්, කාන්තාවන් සහ ළමුන් අතරද ආසාදන වැඩිවීම දැඩි ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි.

👶 මව්වරුන්ගෙන් ළදරුවන්ටත් ආසාදනය වෙයි….

ඉතා කනගාටුදායක කරුණක් වන්නේ,

👉🏻ගැබිනි කාන්තාවන්ගෙන් 3%කට ආසන්න පිරිස HIV ආසාදිතයින් වේ.
👉🏻සතියකට එක් බිළිඳෙකු HIV සමඟ උපත ලබන බව වාර්තා වේ.

මෙය රෝගය පාලනය නොකළහොත්, අනාගත පරම්පරාවටත් දැඩි බලපෑමක් ඇති කරන බව පෙන්වයි.

💉 මත්ද්‍රව්‍ය භාවිතය මෙයට ප්‍රධාන හේතුවක් වෙලා….

විශේෂඥයින් පෙන්වා දෙන්නේ, HIV වේගයෙන් පැතිරීමේ ප්‍රධාන හේතුවක් ලෙස:

👉🏻එකම ඉඳිකටු (needles) බෙදාගැනීම.
👉🏻මත්ද්‍රව්‍ය භාවිතය (විශේෂයෙන් methamphetamine).
👉🏻සුරක්ෂිත නොවන වෛද්‍ය ක්‍රියාමාර්ග.

එමෙන්ම, අවබෝධය අඩු වීම සහ ලැජ්ජාව (stigma) නිසා බොහෝ දෙනා පරීක්ෂා කිරීමට හෝ ප්‍රතිකාර ලබා ගැනීමට ඉදිරිපත් නොවීමද තත්ත්වය වඩාත් නරක අතට හරවයි.

🏥 ප්‍රතිකාර නොලැබෙන රෝගීන්…..

තවත් ගැටලුවක් වන්නේ, HIV හඳුනාගත් පුද්ගලයන්ගෙන් අර්ධයකට වැඩි පිරිසක් ප්‍රතිකාර නොලැබීමයි. සෞඛ්‍ය සේවා සම්පත් සීමිත වීමත්, වෛද්‍ය සේවක හිඟයත්, රෝග පාලනයට බාධා ඇති කරයි.

🌏 කලාපයටම ඇති අනතුර….

මෙම තත්ත්වය ෆිජියට පමණක් සීමා නොවී,
👉 අනෙකුත් පැසිෆික් රටවලටද පැතිරීමේ අවදානමක් ඇත

විශේෂඥයන් අනතුරු අඟවන්නේ, මෙය ඉක්මනින් කලාපීය සෞඛ්‍ය අර්බුදයක් බවට පත්විය හැකි බවයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *