← BACKHealth

ලෝකයම කතාවෙන ශරීරය Reset කරගන්නා රහස.පැය 36 ක fasting එකෙන් ලැබෙන ප්‍රතිඵල ඔබව පුදුම කරවයි.

BY DhanushPUBLISHED MARCH 31, 20261 MIN READ0 COMMENTS

අද කාලේ “Fasting” ගැන බොහෝ දෙනා කතා කරනවා. බර අඩු කරගන්න, ශරීරය පිරිසිදු කරගන්න, දිගු ජීවිතයක් ගත කරන්න මේ ක්‍රමය වඩා ප්‍රතිඵලදායී ක්‍රමයක් බව පත්වෙලා තියනවා.ඒත් මේ හැමදේම පිටුපස තියෙන්නේ එක් විද්‍යාත්මක සත්‍යයක්. ඒ තමයි Autophagy කියන සෛල ක්‍රියාවලිය.

සරලව කියනව නම්, Autophagy කියන්නේ
👉 ශරීරයේ සෛල තමන්ම පිරිසිදු කරගන්න, repair කරගන්න ක්‍රියාවලියක්.

බෙල්ජියම් scientist කෙනෙක් වන Christian de Duve ට මෙම සොයාගැනීම වෙනුවෙන් 2016දී නෝබෙල් ත්‍යාගය පවා හිමිවෙනවා.

පැය 36ක් ආහාර නොගන්න එක ටිකක් අසීරු දෙයක් වගේ හිතෙන්න පුළුවන්. නමුත් ඇත්තටම, ඔබේ ශරීරය මේ කාලයේ “අලුත් mode එකකට” මාරු වෙලා, වෙනස් ක්‍රියාවලි රැසක් ආරම්භ කරනවා.

අපි ඒ ගැන පියවරෙන් පියවර කතාකරමු 👇

🍽️ මුල් පැය 6: සාමාන්‍ය තත්ත්වය.

ඔබ අවසන් වරට ගත් ආහාරයේ ශක්තිය තවමත් ඔබේ ශරීරය විසින් භාවිතා කරනවා. මේ නිසා රුධිරයේ සීනි (ග්ලූකෝස්) තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.

👉 මේ අවස්ථාවේ ඔබට ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ.

⏱️ පැය 6 සිට 12: ආහාර දිරවීම අවසන් වෙයි.

• ආහාර දිරවීම අඩු වෙයි.
• ශරීරය ශක්තිය වෙනත් කාර්යයන් සදහා යෙදවීමට පටන් ගනී.

👉 මේ වෙලාවේ ශරීරය “ඊළඟ පියවරට” සූදානම් වෙනවා.

🔋 පැය 12 – 24: ග්ලයිකෝජන් භාවිතා කරන කාලය.

දැන් ඔබේ ශරීරයේ අක්මාව තුළ තැන්පත් කරලා තියෙන ග්ලයිකෝජන් භාවිතා කරන්න පටන්ගන්නවා.
• රුධිරයේ සීනි ප්‍රමාණය හොද මට්ටමක පවත්වා ගන්න මෙය උපකාරී වෙනවා.
• මෙහිදී ඔබට බඩගින්න සහ දුර්වල බවක් දැනෙන්න පුළුවන්.

👉 නමුත් එය සාමාන්‍ය ප්‍රතිචාරයක්.

🔄 පැය 24: “Metabolic Switch” එක.

මේක තමයි වැදගත්ම turning point එක!
ඇගේ තියන ග්ලයිකෝජන් ඉවර වුණාම:

👉 ශරීරය සීනි වලින් → මේදය (fat) දහනයට මාරු වෙනවා
• මෙහිදී මේදය ketones බවට පත්වෙනවා.
• මොළය සහ ශරීරය ඒවා ශක්තිය ලෙස භාවිතා කරනවා

👉 මෙතනින් පස්සේ බඩගින්න අඩු වෙන්නත් පුළුවන්.සරලවම කියනව නම් මේ ක්‍රියාවලියෙදි අපේ ඇගේ තැන්පත් වෙලා තියන අනවශ්‍ය මේදය දහනව කරල ශක්තිය බවට පත්කරනවා.

🔬 පැය 24 – 36: ශරීරය “අලුත් වෙයි”….

මෙම කාලය තුළ වැදගත්ම ක්‍රියාවලියක් සිදුවෙනවා:

👉 Autophagy (ශරීර පිරිසිදු කිරීම)
• දුර්වල හා නාස්ති වූ සෛල ඉවත් කරනවා.
• ශරීරය ඇතුළත “clean-up” එකක් වගේ දෙයක් සිදු කරනවා
• ඊට අමතරව නව සෛල උත්පාදනය සහ වර්ධනය විමට උදව් වෙනවා

👉 ඇත්තටම මේක ශරීරය “reset” වෙනව වගේ සංකීර්ණය ක්‍රියාවලියක්.

⚙️ මෙහිදී සිදුවන හෝමෝන වල වෙනස්වීම්….

මෙම කාලයේදී:
• Insulin ප්‍රමාණය අඩු වෙයි (රුධිරයේ සීනි පාලනය හොද මට්ටමකට පැමිණෙයි.)
• Growth hormone (සෛල අලුත්වැඩියා කරන්න උදව් වෙන හෝර්මෝන) වැඩි වෙයි.
• මේද දහනය වැඩි වෙයි.

👉 සමහරුන්ට මේකෙන් පස්සෙ ශරීරය විතරක් නෙමෙයි ඔවුන්ගේ මනසත් පැහැදිලි වෙනවා.

🌟 මේ ක්‍රියාවලියෙන් අපට ලැබෙන සෞඛ්‍යසම්පන්න වාසි මොනවද?

පැය 36ක් fasting කිරීමෙන්:
• ශරීරයේ තෙල් අඩු වීම.
• රුධිරයේ සීනි මට්ටම පාලනය වීම.
• සෛල පිරිසිදු වීම.
• මනස පැහැදිලි වීම වැනි ගොඩක් healthy benefits ලැබෙනවා.

⚠️ නමුත් මෙහි තිබෙන අවදානම් මොනවාද?

හැමෝටම මේක සුදුසු වෙන්නෙ නැහැ:
• හිසරදය
• ශරීරයේ දුර්වල බව
• Electrolyte imbalance ඇති අය සහ

👉 විශේෂයෙන්:
• ගර්භණී කාන්තාවන්
• රෝගීන්
• ආහාර සම්බන්ධ ගැටලු තියෙන අය

⚠️ මේ වගේ fasting එකක් කරන්න කලින් වෛද්‍ය උපදෙස් ගන්න එක අත්‍යාවශ්‍යයි.

🍲 Fasting එක නතර කරන විදිය….
පැය 36ක් නිරාහාරව සිටියට පස්සෙ ඔබට දැඩි කුසගින්නක් දැනෙයි. නමුත් ඔබ එකපාර heavy diet එකකට යන එක සුදුසු නැහැ. ඔබ කරන්න ඕනෙ ක්‍රමක් ක්‍රමයෙන් ශරීරයට සුදුසු ආහාර ලබාගැනීම.
• සැහැල්ලු ආහාර වලින් ආරම්භ කරන්න
• protein + fiber + healthy fats එක්කරන්න
• එකවර වැඩි ආහාර ප්‍රමාණයක් නොගන්න.

සරලවම මෙයින් අපට පැහැදිලි කරන්නෙ කට පරිස්සම් කරගන්න පුළුවන් නම් ලෙඩ ගොඩක් සුව වෙනවා කියල. මේ ක්‍රමය වැදගත් වෙයි කියල හිතෙන ඔයාගෙ යාළුවව පහළින් mention කරන්න.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *