← BACKHealth

මාරාන්තික රෝග බෝ කරන විදේශීය මදුරු විශේෂයක කීටයන් Auckland නරගයෙන් හමුවෙයි!

BY DhanushPUBLISHED APRIL 2, 20261 MIN READ0 COMMENTS

Auckland නගරයේ මධ්‍යම ව්‍යාපාරික ප්‍රදේශයේ (CBD) විදේශීය මදුරු වර්ගයකට අයත් කීටයන් හමුවූ බව සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරයි.

🦟 බලධාරීන් සොයාගත් දේ?

මෙම පරීක්ෂණයකදී, නවසීලන්තයට සාමාන්‍යයෙන් නොපැමිණෙන මදුරු වර්ගයකට අයත් බව සැක කරන මදුරු විශේෂයක් හඳුනාගෙන ඇත. මේ වර්ගයේ මදුරුවන් ලෝකයේ වෙනත් රටවල භයානක රෝග පැතිරවීමේ වාහකයන් වන බැවින් මේ පිළිබද විශේෂ අවධානයකට ලක්ව තිබේ.

🚨 මෙය දරුණු ගැටළුවක් වන්නේ ඇයි?

මෙම විදේශීය මදුරු විශේෂය හරහා

• ඩෙන්ගු උණ

• Zika වෛරසය

• Chikungunya

වැනි මාරාන්තික රෝග පැතිරිය හැකි අතර දැනට එවැනි රෝග වාර්තා වී නැති නමුත්, මේ මදුරු වර්ගය වර්ධනය වුණොත් එය පොදු ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් වනු ඇත.

🔍 බලධාරීන් මේ පිළිබදව ගන්නා පියවර මොනවාද?

මෙම තත්ත්වය පාලනයට සෞඛ්‍ය සහ ජෛව ආරක්ෂක කණ්ඩායම් වහා ක්‍රියාත්මක වී ඇත:

• කීටයන් වර්ධනය වීමට පෙර විනාශ කිරීම

• බලපෑම් ඇති ප්‍රදේශ වල මදුරු මර්දන ව්‍යාපෘති

• සහ ඒ අවට ප්‍රදේශවල වැඩි පරීක්ෂණ සිදුකරමින් පවතියි.

ඔවුන්ගේ අරමුණ වන්නේ මේ මදුරු වර්ගය රට තුළ පැතිරීම සපූර්ණයෙන් නැවැත්වීමයි.

👥 ජනතාවට දෙන උපදෙස්….

ඔක්ලන්ඩ් නගරයේ ජනතාවගෙන් සහ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ:

• වතුර ‍රැදෙන තැන් (බාල්දි, ටයර්, හිස් බඳුන්) වැනි දෑ ඉවත් කරන්න.

• නිතරම පරිසරය පිරිසිදු සහ වියළි තත්ත්වයෙන් තබා ගන්න.

• අසාමාන්‍ය මදුරු ක්‍රියාකාරකම් දක්නට ලැබුනොත් වහාම දැනුම් දෙන්න යනුවෙනි.

නවසීලන්තය යනු ජෛව ආරක්ෂාවට ඉතා දැඩි නීති පවත්වාගෙන යන රටක්. මේ සිද්ධියෙන් කල්තියා හඳුනා ගැනීමේ ඇති වැදගත්කම ගැන පැහැදිලි වෙයි.

👉 ඔබත් ඔබේ වටපිටාව ගැන අවධානයෙන් සිටින්න… පරිසරය පිරිසිදුව තබාගන්න. සුවකිරීමට වඩා වැළක්වීමට වඩා හොද බව සිහියේ තබාගන්න.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *