← BACKTechnology

අලුත්ම AI පළතුරු නාඩගම.මනස ලෙස කරන “Brain rot” පිළිබඳ උණුසුම් විවාදයක්.

BY DhanushPUBLISHED APRIL 2, 20261 MIN READ0 COMMENTS

නවීන සමාජ මාධ්‍ය තුළ අලුත්ම ව්‍යසනයක් ලෙස සැලකෙන AI නිර්මාණය කළ “පළතුරු චරිත” නාට්‍යමය වීඩියෝ, ලක්ෂ ගණන් ජනතාව TikTok තුළ නරඹමින් සිටී. මෙම අසාමාන්‍ය සහ හාස්‍යජනක වීඩියෝවල “ආදරය, ද්‍රෝහීත්වය, ගැටුම්” වැනි කතාංගයන් ඇතුළත් වන අතර, එය බොහෝ දෙනා අතර ආකර්ෂණය දිනා ගනිමින් තිබේ.

මෙම ප්‍රවණතාවයේ ප්‍රධාන උදාහරණයක් ලෙස “Fruit Love Island” නම් AI භාවිතයෙන් නිර්මාණය කළ කුඩා වීඩියෝ මාලාව දැක්විය හැක. මෙම වීඩියෝවල සම්පූර්ණයෙන්ම AI මගින් නිර්මාණය කරන ලද පළතුරු චරිත යොදා ගනිමින් කෙටි කාලයක් (මිනිත්තු 2–4) තුළ කතාන්දරයක් ඉදිරිපත් කරයි. මෙම කතා මාලාව 2026 මාර්තු මාසයේදී ආරම්භ වූ අතර, ඉතා කෙටි කාලයකින්ම ලක්ෂ ගණන් නරඹන්නන් සහ මිලියන ගණනක දර්ශන සංඛ්‍යාවක් ලබාගෙන තිබේ. නමුත් මෙයින් ඔබ නොදන්නා brain rot නම් අයහපත් තත්ත්වයක් ඇතිවෙයි.

🤔 “Brain rot” කියන්නේ මොකක්ද?

මෙවැනි වීඩියෝවල ජනප්‍රියත්වය සමඟ “brain rot” යන වචනය නැවතත් අවධානයට ලක්වී ඇත. මෙය අර්ථ දක්වන්නේ, ගුණාත්මකභාවයෙන් අඩු , ඉතා සරල සහ සිත් ඇදගන්නා කෙටි අන්තර්ගතයන් අධික ලෙස භාවිතා කිරීමෙන්, මනසට හා අපේ අවධානයට ඇතිවන අහිතකර බලපෑම ලෙසයි.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ, මෙවැනි අන්තර්ගතයන්:

👉🏻ඉතා පහසුයෙන් තේරුම් ගත හැකි වීම
👉🏻කෙටි සහ වේගවත් වීම
👉🏻විනෝදජනක හා අමුතු ස්වභාවය

වැනි කරුණු හේතුවෙන් මිනිසුන්ට “නැවැත්විය නොහැකි” ආකාරයේ ආකර්ෂණයක් ඇති කරන බවයි. ඒ සමඟම, AI භාවිතයෙන් ඉතා ඉක්මනින් විශාල ප්‍රමාණයකින් අන්තර්ගත නිර්මාණය කළ හැකි වීමද මෙම ප්‍රවණතාවය වේගයෙන් ව්‍යාප්ත වීමට හේතුවක් වී ඇත.

එහෙත්, සමහරුන් පවසන්නේ මෙය සමාජ මාධ්‍යයේ නව පරිවර්තනයක් බවයි. AI මගින් නිර්මාණය කරන ලද කතාන්දර, ඉදිරියේදී Entertainment industry තුළ විශාල වෙනසක් ඇති කළ හැකි බවද විශ්වාස කෙරේ.

මෙම සිද්ධිය සමාජ මාධ්‍යයේ පවතින නව ප්‍රවණතා පිළිබඳ වැදගත් සංවාදයක් ආරම්භ කර ඇති අතර, “විනෝදය” සහ “ගුණාත්මකභාවය” අතර සීමාව කොතැනද යන්න පිළිබඳව ලෝකයම සිතා බැලීමට හේතුවක් වී ඇත.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *