← BACKTechnology

සද ගමනේ ඔබ නොදත් කතාව! ඇමරිකාව සද මත න්‍යෂ්ටික බලශක්ති පද්ධතියක් නිර්මාණය කිරීමේ සැලසුමක්! මීළග ඉලක්කය අගහරු.

BY DhanushPUBLISHED APRIL 2, 20261 MIN READ0 COMMENTS

🚀අභ්‍යවකාශ ගවේෂණයේ ඉදිරි පියවරක් ලෙස, NASA 2028 වසරේදී න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන නව අභ්‍යවකාශ යානයක් අඟහරු වෙත යැවීමට සැලසුම් කරමින් සිටී. “Space Reactor 1 (SR-1) Freedom” ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය, දශක ගණනාවක පර්යේෂණ ප්‍රයත්නවල ප්‍රතිඵලයක් ලෙස සැලකේ.

🔋මෙම නව යානයට බලය සපයන්නේ “Nuclear Electric Propulsion” තාක්ෂණයයි. එය කිලෝවොට් 20ක විදුලි බලයක් නිපදවිය හැකි කුඩා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් මත පදනම් වේ. අඟහරු වෙත ළඟා වූ පසු, “SkyFall” නමින් හැඳින්වෙන විද්‍යාත්මක මෙහෙයුමක් යටතේ හෙලිකොප්ටර් යානා තුනක් මතුපිටට යවනු ඇත. මෙම යානා මඟින් අනාගත මිනිස් වාසයට සුදුසු ස්ථාන හඳුනා ගැනීම සහ භූගත අයිස් ජලය සෙවීම ප්‍රධාන අරමුණු වේ.

💡මෙම මෙහෙයුම සාර්ථක වුවහොත්, 2030 වසරට ආසන්න කාලයේදී සඳ මත බලශක්ති නිපදවීම සඳහා “Lunar Reactor 1” නමින් වෙනත් ව්‍යාපෘතියක් ද ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම, අනාගතයේදී මෙගාවොට් මට්ටමේ බලශක්තිය නිපදවිය හැකි දැවැන්ත න්‍යෂ්ටික පද්ධති සද මත සංවර්ධනය කිරීමද ඔවුන්ගේ දිගුකාලීන ඉලක්කයකි.

🧐Jared Isaacman සඳහන් කළේ, දිගු කාලයක් තිස්සේ පෘථිවියෙන් පිටත ප්‍රායෝගික නොවූ සංකල්පවලට දැන් යථාර්ථයක් ලබා දීමට කාලය පැමිණ ඇති බවයි. ඔහුගේ අදහසට අනුව, මෙය අඟහරු වෙත මිනිසුන් යැවීමේ මහා සැලැස්මේ වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් වේ.

🌕🚀මේ අතර, Artemis II mission හරහා ගගනගාමීන් සිව්දෙනෙකු මේ වනවිටත් සඳ වටා ගමන් කිරීම ආරම්භ කර තිබේ. මෙය අනාගත සඳ ගොඩබැසීම් සහ ස්ථිර මනුෂ්‍ය පදනම් පිහිටුවීමට මඟ සලසන ප්‍රධාන පියවරක් ලෙස සැලකේ. මෙම ව්‍යාපෘතිය සඳහා මේ වන විට ඩොලර් බිලියන 93කට ආසන්න මුදලක් වැය වී ඇත.

‼️ඇයි නැවතත් සඳ වෙත මෙතරම් ආයෝජනයක්? එයට ප්‍රධාන හේතු කිහිපයක් තිබේ.

👉🏻පළමුව, සඳ යනු වටිනා සම්පත් වලින් යුත් ස්ථානයක් බව මේ වනවිට පැහැදිලිය. හීලියම්, යකඩ සහ ටයිටේනියම් වැනි ද්‍රව්‍ය ඉදිරි තාක්ෂණික සංවර්ධනයට අත්‍යවශ්‍ය වේ.

👉🏻දෙවනුව, සඳෙහි ධ්‍රැව ප්‍රදේශවල අයිස් ජලය තිබීම විශාල වාසියකි. එය පානීය ජලය ලෙස පමණක් නොව, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් බවට පරිවර්තනය කර ඉන්ධන සහ හුස්ම ගැනීමට අවශ්‍ය වායුව ලබා ගැනීමට ද භාවිත කළ හැක.

👉🏻තෙවනුව, අභ්‍යවකාශයේ බලය තහවුරු කර ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟය දැන් නැවතත් උණුසුම් වෙමින් පවතී. විශේෂයෙන් චීනයේ ඉදිරි සැලසුම් හේතුවෙන්, සඳෙහි ප්‍රධාන ප්‍රදේශවල බලය ලබා ගැනීමට ගන්නා උත්සාහයන් දක්නට ලැබේ.

👉🏻සිව්වනුව, සඳ යනු අඟහරු ගමනට පෙර “අභ්‍යවකාශ පුහුණු භූමියක්” ලෙස භාවිතා කළ හැකි ස්ථානයකි. මිනිසුන්ට දිගු කාලයක් ජීවත් වීමට අවශ්‍ය තාක්ෂණය මෙහිදී පරීක්ෂා කළ හැක.

👉🏻අවසාන වශයෙන් , සඳ යනු පෘථිවියේ ආරම්භය පිළිබඳ තොරතුරු රැගත් ස්වාභාවික සම්පතක් ලෙස සැලකේ. එහි පාෂාණ සහ භූගත ව්‍යුහයන් හරහා සෞරග්‍රහ මණ්ඩලයේ ඉතිහාසය හෙළි කරගත හැකි බව විද්‍යාඥයින් විශ්වාස කරති.

මෙම සියලු මෙහෙයුම් මඟින් නව රැකියා අවස්ථා බිහිවීමත්, විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ නව පරපුර උනන්දු කිරීමත් අපේක්ෂා කරයි.

Helen Sharman පවසා ඇති පරිදි, “මනුෂ්‍ය වර්ගය එකට එක්ව වැඩ කළහොත් අපට සාධනය කළ හැකි දේ ලෝකයට පෙන්වීමට මෙය අවස්ථාවක්” වනු ඇත.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *