
“යුද්ධය යනු දෙදෙනෙකු අතර ඇතිවන සරල ගැටුමක් නොවෙයි. එය සැබවින්ම ව්‍යාපාරයකි. ඔබ ජයගත්තද, පරාජය වූවද සෑම විටම කවුරුන් හෝ එයින් ලාභ ලබයි..”
— ජෙනරාල් Smedley Butler, US Marine Corps (1935), “War Is A Racket”
වර්තමාන ලෝකය දිහා බලන විට අපට පෙනෙන්න තියෙන්නෙ අපැහැදිලි චිත්‍රයක්. අර්බුද, යුද්ධ, ආර්ථික අස්ථාවරතාව, සහ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාව. කෙසේ වෙතත්, මේ සියල්ල පිටුපසින් තවත් ගැඹුරු ප්‍රශ්නයක් මතුවෙනවා.
❓මේවා ස්වභාවිකව ඇතිවෙන අර්බුදද?
❓නැත්නම් කිසිවකුගේ සැලසුම්සහගත ක්‍රියාමාර්ගද?
ඒ පිලිබද වැඩි දුරටත් මේ ලිපියෙන් කතාකරමු.
👉🏻“සැබෑ යුද්ධය ආරම්භ වන්නේ කොතැනින්ද?”
යුද්ධයේ පිටපත ලියන මහා බලවේගයන් සොල්දාදුවන්ගේ රුධිරය මතින් ඔවුන්ගේ වෛරය සහ හුදෙක් දරුණු ආශාවන් සංසිදුවාගනියි. ලෝකයේ ප්‍රධාන යුද ගැටුම් විමර්ශනය කරන විශ්ලේෂකයන් මතු කරන ප්‍රධාන ප්‍රශ්නයක් ඇත.
“යුද්ධ ආරම්භ වන්නේ ජනතාවගේ කැමැත්තෙන්ද, නැතිනම් කවුරුන් හෝ නොපෙනෙන ලෙස පාලනය කරන රහස් ජාලයකින්ද?”
ඉරාකය, ලිබියාව, ඇෆ්ගනිස්ථානය, සිරියාව, යුක්‍රේනය.
මෙම සියලුම ගැටුම්වලට පසුව විශාල ධන සංක්‍රමණ සිදු වී ඇති බවට පැහැදිලි සාක්ෂි ඇත. යුද්ධය දඩමීමා කරගනිමින්
• ආයුධ නිෂ්පාදක සමාගම් විශාල ලාභ උපයා ගනී.
• ප්‍රතිනිර්මාණ සමාගම් විශාල ගිවිසුම් ලබා ගනී.
• IMF සහ World Bank වැනි ආයතන “සහනදායී ණය” ලබා දීමට ඉදිරිපත් වෙයි.යුද්ධයෙන් පසු ස්වාධිපත්‍යය නැවත ලැබෙන බව පෙනුනද, සැබවින්ම සිදුවන්නේ ඒ රටවල ආර්ථිකය ගෝලීය ධනපතියන්ගේ පාලනයට නතු වීම නොවේද?
👉🏻ආයුධ කර්මාන්තය “නොනවතින ව්‍යාපාරය”
අදටත් ලෝකයේ ආයුධ වෙළෙඳාම පාලනය කරන්නේ ඉතා සීමිත සමාගම් කිහිපයක් විසින්. ඒ අතර ප්‍රධාන වන්නේ:
Lockheed Martin, Raytheon, BAE Systems, Boeing, Northrop Grumman වැනි විශාල සමාගම් ය.
මෙම සමාගම් ගැටුමට සම්බන්ද වන දෙපාර්ශ්වයේම රජයන් සමග ආයුධ සැපයීමට ගිවිසුම් ගත කරයි.
SIPRI සංඛ්‍යාත දත්ත අනුව (2022) දී…
• ගෝලීය ආයුධ වෙළෙඳාම ඩොලර් බිලියන 632 ක් ඉක්මවා ඇත.
• ඒ අතරින් ඇමරිකානු කොටස පමණක් 40% වේ.
• Lockheed Martin ලාභය ඩොලර් බිලියන 17ට අධිකයි.
• ප්‍රධාන ආයුධ සමාගම්වල කොටස් යුද්ධයකින් පසු වසර 2ක් ඇතුළත දෙගුණයකින් ඉහළගොස් තිබේ.
2022 වසරේ රුසියා-යුක්‍රේන යුද්ධය ආරම්භ වූ පසු සති 4ක් ඇතුළත Raytheon සහ Lockheed Martin කොටස් වල මිල 20%කට ආසන්න ලෙස ඉහළ ගියේය. ජනතාව විපතට පත්වන විට, ඔවුන්ගේ වෙළෙඳපොළට නම් එය ධන නිධානයකි. අවි ගණුදෙනුවේ යථාර්ථය මෙයයි.
👉🏻ප්‍රතිනිර්මාණ ගිවිසුම් “විනාශ කරන්නෙත් ඔවුන්, ගොඩනඟන්නේද ඔවුන්”
2003 ඉරාක ආක්‍රමණයෙන් පසු එරට ප්‍රතිනිර්මාණ ගිවිසුම් Halliburton, Bechtel, AECOM වැනි ඇමරිකානු සමාගම් වෙත ලබා දී ඇත. Halliburton සමාගමේ අනුබද්ධ KBR ආයතනයට පමණක් ඩොලර් බිලියන 39කට ආසන්න ගිවිසුම් හිමිව ඇත.
මෙහි විශේෂ කරුණක් වන්නේ එවකට ඇමරිකානු උප ජනාධිපති Dick Cheney, Halliburton හි හිටපු CEO වීමයි.
“විනාශ කිරීමෙන් ලාභ ලැබේ. නැවත ඉදිකිරීමෙන් ද ලාභ ලැබේ.”
එම නිසා, යුද්ධය ඉතා ලාභදායී ව්‍යාපාරයක් බව දැන් ඔබට පැහැදිලි වේ.
ලිබියාව, ඇෆ්ගනිස්ථානය, සිරියාව වැනි රටවලද, “ප්‍රතිසංස්කරණ ආධාර” ලෙස ලබා දුන් මුදල් විශාල කොටසක් නැවත ගෝලීය සමාගම් වෙත ගලා ගොස් ඇති බවට සාක්ෂි පවතී.
👉🏻ස්වාභාවික සම්පත් කොල්ලකෑම.
ඊළග ලොකුම ව්‍යාපාරය වන්නේ පීඩිත රටේ ස්වාභාවික සම්පත් කොල්ලකෑමයි. නමුත් ඒ වෙනුවෙන් දස දහස් ගණන් සෙබළුන් රුධිරයෙන් වන්දි ගෙවයි. මෑත අතීතයේ එවැනි සිදුවීම් අතර
🔴ඉරාකයේ තෙල් සම්පත් කොල්ලකෑම. ( ExxonMobil, Shell, BP ලාභදායි ලෙස ගිවිසුම් ගත කිරීම.
🔴ලිබියාවේ ගඩාෆි විසින් ගොඩනැගූ The great man made river ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීම.
🔴ඇෆ්ගනිස්තානයේ ඩොලර් ට්‍රිලියන් එකක් පමණ වටිනා ලිතියම් ලබාගැනීම.
🔴සිරියාවේ Middle east pipeline ආකෘතිය සොරකම් කිරීම.
වැනි සිදුවීම බරපතල ගනයේ විනාශකිරීම් සහ කොල්ලකෑම් ලෙස සලකන්න පුළුවන්.
👉🏻“Revolving Door” රාජ්‍යය හා ආයෝජන ලෝකය අතර සම්බන්ධය.
“Revolving Door” ලෙස හඳුන්වන ක්‍රමයට අනුව,
Pentagon, CIA, UK ආරක්ෂක අමාත්‍යාංශ වැනි ජාත්‍යන්තර ආයතනවල ඉහළ නිලධාරීන් සේවයෙන් ඉවත් වූ පසු, ආයුධ සමාගම් සහ ඊට අනුබද්ධ කණ්ඩායම් සඳහා උපදේශකයන් ලෙස සේවයට එක්වෙයි.
ඔවුන් රජයේ සේවයේ සිටියදී ලබාගත්:
• සබඳතා
• රහස් තොරතුරු
• ගිවිසුම් ක්‍රම
• ප්‍රතිපත්ති දැනුම
මෙම සියල්ල පසුව පුද්ගලික ආයෝජන ලාභ සඳහා භාවිතා කරයි. George W. Bush පාලන සමයේ ඉහළ නිලධාරීන් දහ දෙනෙකු ඉරාකය සම්බන්ධ ආයෝජන ජාලවල සිටි බව ස්වාධීන ලේඛනවල සඳහන් වේ.
👉🏻ශ්‍රී ලංකාව ඉගෙනගත හැකි පාඩමක්.
1983 සිට 2009 දක්වා පැවති ශ්‍රී ලංකා යුධ ගැටුම පරීක්ෂා කළ විට,
• ආයුධ මිලදී ගැනීම
• රාජ්‍ය ණය වැඩි වීම
• ජාත්‍යන්තර ණය ලබා ගැනීම
• “ප්‍රතිනිර්මාණ ආධාර” ලෙස ලබාගත් මුදල්
මෙම සියල්ල එකට බැඳී, 2022 ආර්ථික අර්බුදය දක්වා ගෙන ආ ප්‍රධාන සාධක ලෙස විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
මෙහිදී ඇමරිකාව, චීනය, ජපානය, ඉන්දියාව වැනි රටවල ආයෝජන ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වාධිපත්‍යයට බලපෑ බව ආර්ථික විශේෂඥ Dr. Nishan de Mel ඇතුළු විශ්ලේෂකයන් සෘජුවම පෙන්වා දී ඇත.
👉🏻අවසන් වශයෙන් ඉතිරි වන්නේ ප්‍රශ්නයක්?
යුද්ධ ස්වභාවිකව ඇතිවන දෙයක් නොවෙයි. ඒවා නිර්මාණය කරනවා, පෝෂණය කරනවා සහ ප්‍රතිලාභ වෙනුවෙන් දිගු කාලයක් පවත්වාගෙන යනවා.
මෙම ක්‍රියාවලිය තුළ, ධනය කෙරෙහි බලය එකතු වන ආකාරයේ ව්‍යුහමය පද්ධතියක් සියල්ලට යටින් ක්‍රියාත්මක වෙනවා.
මෙය “කුමන්ත්‍රණයක්” ලෙස අතහැර දැමීම පහසු වුවද,
SIPRI, Oxfam, ICIJ වැනි ආයතන සහ ප්‍රසිද්ධ ලේඛකයන්ගේ පර්යේෂණ මෙම ව්‍යුහයේ පැවැත්ම පිළිබඳ සාක්ෂි සපයනවා.
අවසන් වශයෙන්, අපට කළ හැකි එකම දෙය නම් ප්‍රශ්න කිරීම පමණි.
• යුද්ධය කාගේද?
• ලාභ ලබන්නේ කවුද?
• නමුත්, ජීවිතවලින් වන්දි ගෙවන්නේ කවුරුන්ද?
මූලාශ්‍ර – SIPRI, Oxfam, ICIJ, War Is A Racket (1935), The Shock Doctrine (2007)

0 Comments