
නවසීලන්තයේ New Lynn ප්‍රදේශයේ කාන්තාවන් ඉලක්ක කරගනිමින් සිදු කළ බෑග් සොරකම් කිහිපයකට සම්බන්ධ බවට සැක කරන වයස අවුරුදු 39ක් වූ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධිය ප්‍රදේශයේ ජනතාව අතර දැඩි අවධානයක් ලබාගත් සිදුවීමකි.
පොලිසිය පවසන්නේ, මෙම සැකකරු කාන්තාවන් ඔවුන්ගේ වාහන වෙත යන අතරතුරදී ඔවුන් පසුපස ගමන් කරමින් , වාහනයේ පැසෙන්ජර් අසුන මත තැබූ බෑග් හදිසියේ සොරකම් කරන බවයි. ඔහුගේ හැසිරීම “ඉතා භයානක සහ ආක්‍රමණශීලී” බවද සිද්ධියට මුහුණදුන් කාන්තාවන් සඳහන් කරයි.
මහජනතාවගෙන් ලැබුණු තොරතුරු මත පොලිසිය ඉක්මන් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ අතර, තොරතුරු අනුව සිදුකළ හඹා යාමකින් පසු, නිව්ලින් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව සැකකරු කොටුකරගත්හ.
නිව්ලින් පොලිස් ස්ථානයේ ප්‍රධාන නිලධාරිනිය වන සමන්තා කොක්ස් පවසන්නේ, මෙම අත්අඩංගුව “ශක්තිමත් පොලිස් කණ්ඩායම සහ ජනතාවගේ වේගවත් දැනුම්දීම” නිසා සාර්ථක වූ බවයි.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ,
“මෙම පුද්ගලයා භයානක හා ආක්‍රමණශීලී ලෙස හැසිරුණු අතර, එවැනි හැසිරීම් නවසීලන්ත සමාජය තුළ කිසිසේත්ම ඉවසන්නේ නැති බවයි.”
එමෙන්ම, ජනතාව කඩිනමින් තොරතුරු ලබාදීම නිසා පොලිසියට ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට හැකි වූ බවත්, එය තවත් අපරාධ වැළැක්වීමට උපකාරී වූ බවත් ඇය පැවසුවාය.
ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් සියලුම පුද්ගලයන්ට පොලිසිය ස්තුතිය පළ කළහ. සමාජ ආරක්ෂාව තහවුරු කිරීමේදී ජනතාවගේ සහභාගීත්වය ඉතාමත් වැදගත් බවද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු නීතිමය ක්‍රියාමාර්ග සඳහා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔහු මේ වනවිට බන්ධනාගාරගත කර ඇත.
මෙම සිද්ධියෙන් පෙනී යන්නේ, අපරාධ වලට එරෙහිව සටන් කිරීමට පොලිසියට පමණක් නොව, ජනතාවගේ ක්‍රියාශීලී සහභාගීත්වයද අත්‍යවශ්‍ය බවයි.

0 Comments