← BACKHealth

60 පැන්න වැඩිහිටියන්ට සර්කස් පෙන්නන නවසීලන්තයේ අලුත් වැඩේ.

BY DhanushPUBLISHED APRIL 8, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ 60ට වැඩි පුද්ගලයන් සඳහා විශේෂයෙන් ආරම්භ කළ සර්කස් කුසලතා පන්තියක් මේ දිනවල විශාල අවධානයක් දිනාගෙන තිබෙනවා. සාම්ප්‍රදායික ව්‍යායාම ක්‍රමවලින් ඔබ්බට ගොස්, මෙය “වැඩිහිටියන්ට අපූරු සෙල්ලමක් වගේ” අලුත් අත්දැකීමක් බවට පත්වී තිබේ. ඒ එහි තිබෙන විනෝදය සහ දැනෙන නිදහස් හැඟීම නිසයි.

මෙම පන්තිවලදී සහභාගීවන්නන්ට ට්‍රපීස් (trapeze), හූප් (hoop), හැමොක් (hammock) වැනි පහසු සහ ආරක්ෂිත ගුවන් ක්‍රියාකාරකම් මෙන්ම ජග්ලින් (juggling) සහ සමතුලිතතා ව්‍යායාම වැනි භූමියේ ක්‍රියාකාරකම්ද ඉගෙන ගැනීමට හැකියාව ලැබෙනවා.

මෙම වැඩසටහනේ විශේෂත්වය වන්නේ, එයට එක්වන වැඩිහිටියන්ගේ ප්‍රතිචාරයි. බොහෝ දෙනා කියන්නේ මෙය සාමාන්‍ය ව්‍යායාමයක් වගේ නොවන බවත්, ළමා කාලයේ සෙල්ලම් නැවත මතක් කරවන, සතුටෙන් පිරුණු නව අත්දැකීමක් කියලයි.

එම නිසා ඔවුන්ට ව්‍යායාම කිරීම පිළිබඳ පීඩනයක් නැතිව, සතුටින් සහ ස්වභාවිකව සිරුර හසුරුවන්න පුළුවන් වෙනවා.

මෙම සර්කස් පන්ති සතුටට පමණක් සීමා නොවෙයි. ඒවා සෞඛ්‍යයටත් ඉතා වැදගත් වාසි ලබා දෙනවා. මෙමගින්

👉🏻සිරුරේ සමතුලිතතාවය වැඩි කරයි
👉🏻ශක්තිය සහ නම්‍යශීලීභාවය වැඩි කරයි
👉🏻විශ්වාසය සහ මානසික සතුට වැඩි කරයි
👉🏻අලුත් මිතුරන් හමුවීමට අවස්ථාව සලසයි

විශේෂයෙන්ම, සංවිධායකයන් පවසන්නේ පෙර අත්දැකීමක් නැති අයටත් මේ පන්තිවලට සහභාගී විය හැකි බවයි.

මෙම වැඩසටහනේ තවත් වැදගත් අරමුණක් වන්නේ වැඩිහිටියන් අතර සමාජ සම්බන්ධතා වර්ධනය කිරීමයි. එකට එක්ව සෙල්ලම් කරමින්, හසුරුවමින්, නව දේවල් ඉගෙන ගනිමින් ඔවුන් අතර ඇති මිත්‍රත්වය මේ හරහා වර්ධනය වෙනවා. මෙය තනිවීම අඩු කර, ජීවිතය තවත් සතුටින් ගත කිරීමට උපකාරී වෙනවා.

මෙම සර්කස් පන්ති පෙන්වා දෙන්නේ වයස කිසිවිටෙක අලුත් දේවල් අත්හදාබැලීමට බාධාවක් නොවන බවයි. සතුට, ක්‍රීඩාව, සහ සෞඛ්‍යය එකට ගෙන එන මේ ව්‍යායාම ක්‍රමය, වැඩිහිටියන්ගේ ජීවිතයට නව ජීවයක් එක් කරන බව පැහැදිලියි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *