← BACKTechnology

මේ ඔබ රාත්‍රිය දකින අවසන් වසර කීපය වෙන්න පුළුවන්!අහසේ කැඩපත් සවිකරන අලුත් ව්‍යාපෘතියක්.

BY DhanushPUBLISHED APRIL 8, 20261 MIN READ0 COMMENTS

ලෝකය පුරා සිටින විද්‍යාඥයින් ඉදිරියේදී ඇතිවිය හැකි විශාල අවධානමක් ගැන අනතුරු අඟවමින් සිටී. ඒ අහසට කැඩපත් වැනි satellite විශේෂයක් යවා, රාත්‍රී කාලයටත් පෘථිවියට ආලෝකය පරාවර්තනය කිරීමට කරන සැලසුමක් ගැන කරන අනාවරණයයි. ඔවුන් පවසන පරිදි මෙය මිනිස් ජීවිතයට වගේම සත්වයන්ට හා වෘක්ෂ ලතාවන්ටත් බරපතල බලපෑම් ඇති කළ හැකිය.

මෙම නව තාක්ෂණය යටතේ, අහසේ ඇති satellite වලට කැඩපත් සවි කර, සූර්ය ආලෝකය රාත්‍රී කාළයේදී පෘථිවියට පරාවර්තනය කිරීමට යෝජනා කර ඇත.

මෙම ආලෝකය මඳ “චන්ද්‍ර ආලෝකය” තරමේ සිට, අවශ්‍ය නම් “දිවා ආලෝකය” දක්වා පවා වෙනස් කළ හැකි බව අනාවරණය කරයි. විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ මෙය ලෝකයේ ස්වභාවික “දෛනික” චක්‍රයම වෙනස් කර දැමීමට හේතුවිය හැකි බවයි.

ඒ විතරක් නෙමෙයි. මෙය මිනිස් නින්දටත් බලපෑම් ඇති කරනවා. අපේ ශරීරයේ “Circadian Rhythm” කියන්නේ දවසේ කාලය අනුව නින්ද, හෝර්මෝන සහ ශක්තිය පාලනය කරන ස්වභාවික පද්ධතියක්.

රෑට වැඩිපුර ආලෝකය ලැබුණොත්:
• නිදාගැනීමේ අපහසුතා ඇති වෙනවා
• හෝර්මෝන නිෂ්පාදනය අවුල් වෙනවා
• මානසික සෞඛ්‍යයට හා ශරීරයට අහිතකර බලපෑම් ඇති වෙනවා

විද්‍යාඥයින් පවසන්නේ, “රාත්‍රී කාලයේ කුඩා ආලෝකයක් වුණත්, ශරීරයට ලොකු බලපෑමක් ඇති කරනවා” යනුවෙනි.

මෙම කෘතිම ආලෝකය සත්ව ලෝකයටත් බරපතල ගැටලු ඇති කළ හැකියි.
• පක්ෂීන්ගේ ගමන් මාර්ග වෙනස් වෙයි
• මකුළු, කෘමීන් වගේ ජීවීන්ගේ හැසිරීම් අවුල් වෙයි
• වෘක්ෂ වල වර්ධනය හා කාලගුණයට සම්බන්ධ ක්‍රියාවලියන්ට බලපායි
• සාගරයේ phytoplankton වගේ සුළු ජීවීන්ට පවා බලපෑම් ඇති වෙයි

මෙය සම්පූර්ණ ආහාර දාමයම (food chain) කම්පනයට ලක් කළ හැකි බවට විද්‍යාඥයින් මත පළකරයි.

දැනටමත් satellite ගණන වැඩිවීම නිසා රෑ අහස 10% කට වඩා දීප්තිමත් වී ඇතැයි වර්තමාන පර්යේෂණ මගින් පෙන්වයි.

ඉදිරියේදී මෙය තවත් වැඩිවෙමින්:
• ස්වභාවික අඳුර නැතිව යාම
• තාරකා නිරීක්ෂණ (astronomy) දුෂ්කර වීම

වැනි ගැටලුද ඇති විය හැකිය.

මෙවැනි satellite කැඩපත් යෝජනා කරන සමාගම් වලට අනුව මෙම ව්‍යාපෘතිය:
• කෘෂිකර්මාන්තයට උදව් වෙනවා.
• අඳුරු ප්‍රදේශ වලට ආලෝකය ලබාදිය හැකි වෙනවා.
• බලශක්ති භාවිතය අඩු කිරීමට හැකියාවක් ලැබෙනවා.

නමුත්, විද්‍යාඥයින් කියන්නේ “ඔවුන් මෙයින් සිදුවන පරිසර බලපෑම් තවම හොඳින් අධ්‍යයනය කරලා නැහැ” කියලයි.

මේ නිසා විද්‍යාඥයින් සහ සංවිධාන දැන් ඉල්ලන්නේ:
• මෙම ව්‍යාපෘති අනුමත කිරීමට පෙර සම්පූර්ණ පරිසර අධ්‍යයනයක් (Environmental Impact Assessment) කරන්න.
• satellite ගණනට සීමා පනවන්න.
• ආලෝක තීව්‍රතාවය පාලනය කරන්න යන ඉල්ලිම්‍ ය.

අපි රාත්‍රී අඳුරට හුරු වූ ජීවීන්. එය වෙනස් කිරීම ලොකු ජයග්‍රහණයක් වගේ පෙනුනත්, එය මුළු ජීවී සංහතියටම ගැටලු රැසක් ඇති කළ හැකියි. ඒ නිසා මෙවැනි තාක්ෂණික ව්‍යාපෘති වලින් වන වෙනස්කම් ගැන හොඳින් සිතා බලලා පියවර ගැනීම ඉතා වැදගත්ය.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *