← BACKSport

“ඇයි අපිට බැරි?” ඇමරිකාවේ පැසිපන්දු ශූරතාවය දිනූ පළමු නවසීලන්ත කාන්තාවගෙන් නව පරපුරට දැවැන්ත පණිවිඩයක්! 🏀✨

BY DhanushPUBLISHED APRIL 8, 20261 MIN READ0 COMMENTS

ඇමරිකාවේ ක්‍රීඩා ලෝකය තුළ දැඩි අවධානයට ලක්වූ නමක් තමයි Charlisse Leger-Walker. ඇයගේ දක්ෂතාවය වගේම ආත්ම විශ්වාසයෙන් පිරුණු අදහස් නිසා, අද වනවිට ඇය නව පරපුවරට ආදර්ශයක් වෙමින් සිටිනවා.

“Why not us?” කියන සරල පාඨය ඇයගේ ජීවිතයම වෙනස් කරපු දැවැන්ත අදහසක්. කුඩා රටකින් ආව කියලා හෝ අඩු අවස්ථා ලැබෙනව කියලා හිතාගෙන අපේ සිහින අතහැර දාන්න එපා කියලා තමයි ඇය මෙයින් අදහස් කරන්නෙ.

ඇයට තවදුරටත් අවශ්‍ය වන්නේ, “ඔබටත් පුළුවන්… ඔබටත් ඒ ඉලක්කය ජයගත හැකියි” කියන විශ්වාසය තරුණ ක්‍රීඩකයන්ගේ හිත්වල පැළ කරන්න.

Charlisse Leger-Walker NCAA යටතේ තරඟ කරන Washington State Cougars කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩිකාවක්. ඇයගේ ක්‍රීඩා හැකියාව, කණ්ඩායම් නායකත්වය දැරීමේ දක්ෂතාවය සහ තීරණාත්මක මොහොතේ ක්‍රිඩාව මැනවින් හැසිරවීමේ පළපුරුද්ද නිසා අද වනවිට ඇය ලෝකයේම කැපීපෙනෙන චරිතයක් වෙලා.

මෙම සාර්ථකත්වය ඇයගේ පෞද්ගලික ජයග්‍රහණයක් පමණක් නොවෙයි. ඇය ජාත්‍යන්තර පැසිපන්දු ශූරතාවයක් දිනූ පළමු නවසිලන්ත කාන්තාව විදියට ඉතිහාසගත වෙනවා. එය නවසීලන්තය වැනි කුඩා රටවල් වල ක්‍රීඩකයන්ටත් ලෝක වේදිකාවට පැමිණිය හැකි බව පෙන්වන සුවිශේෂී අවස්ථාවක්.

Charlisseගේ කතාවෙන් තරුණයන්ට කියන්නෙ
“ඔයා කොහෙන් ආවද කියන එක වැදගත් නැහැ… ඔයා කොහෙටද යන්න හිතාගෙන ඉන්නෙ කියන එකයි වැදගත්!” කියල.

විශේෂයෙන්ම තරුණ ක්‍රීඩිකාවන්ට, ක්‍රීඩාව තුළ ඉදිරියට යන්න ඇගේ මේ කතා ලොකු උත්ප්‍රේරණයක් වෙලා තියෙනවා.

අද වනවිට Charlisse Leger-Walker කියන්නේ ක්‍රීඩිකාවක් විතරක් නොවෙයි… ඇය සිහින දැකීමට බය නොවන්න කියන පණිවිඩය ලබාදෙන අතරේම “ඇයි අපිට බැරි?” කියන ප්‍රශ්නයත් තරුණ හිත්වල ඇතිකරපු අපූරූ කිවි ජාතිකයෙක්. 🔥

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *