සදට ගිය ගගනගාමින් පළමු වරට සිය අත්දැකීම් මාධ්‍යයට කියයි.

Artemis II මෙහෙයුමට එක්වූ ගගනගාමීන් ඔවුන් මුහුණදුන් අත්දැකීම් පිළිබඳව පළමු වරට මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධ කර තිබේ. එහිදී අදහස් දැක්වූ Christina Koch සඳහන් කළේ, පෘථිවියෙන් එපිට දකින්න ලැබුණු ගැඹුරු අන්ධකාරය ඇයට අලුත් අත්දැකීමක් වූ බවත්, එම අඳුරු අවකාශය තුළ ජීවය රැගෙන ගමන් කරන එකම ස්ථානය ලෙස පෘථිවිය ගැන හැගුණු බවත්ය.
මෙම මෙහෙයුම සඳහා Reid Wiseman, Victor Glover, Jeremy Hansen සහ ක්‍රිස්ටිනා කෝච් යන ගගනගාමීන් සිව්දෙනා එක්ව සිටියහ. ඔවුන් රැගත් යානය NASA විසින් Kennedy Space Center සිට අප්‍රේල් 1 වනදා ගුවන්ගත කර තිබුණි.
මෙම ගමන අතරතුර, යානය සඳ ගුරුත්වාකර්ෂණ බලපරාසයට පිවිසෙමින් පෘථිවියෙන් සැතපුම් 252,756ක් පමණ දුරට ගමන් කළ අතර, එය මිනිසා මෙතෙක් ගමන් කළ වැඩිම දුරක් ලෙසද සැලකේ. එමඟින්, සාමාන්‍යයෙන් පෘථිවියෙන් නොපෙනෙන සඳේ පසුපස කොටස දැකගැනීමේ අවස්ථාවද ඔවුන්ට හිමිවිය.
දින 10ක් පුරා පැවති මෙම මෙහෙයුම සාර්ථකව අවසන් කළ ගගනගාමීන් පෘථිවියට ආපසු පැමිණීමෙන් පසුව තම අත්දැකීම් බෙදා ගත්හ.
මෙහිදී අදහස් දැක්වූ අණදෙන නිලධාරී රීඩ් වයිස්මන් පැවසුවේ, එම ගමන තම ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් වූ බවයි. අපි මුහුණදුන් අත්දැකීම මෙතන සිටින කිසි කෙනෙක් දන්නෙ නැහැ. එය මගේ ජීවිතේ සිදුවුන අපුරූම දේ වුනා. නමුත් එය පහසු වුනේ නැහැ.පෘතුවියේ සිටින විට තම ලොකුම සිහිනය සද වෙත ගමන් කිරීම වුනත් පෘථිවියට ඈතින් සිටින විට පවුලේ අය සහ මිතුරන් වෙත නැවත පැමිණීමට ඇති ආශාව වැඩි වූ බව ඔහු සඳහන් කළේය. එය මිනිසෙකු ලෙස පෘථිවියේ ජීවත්වීමේ වටිනාකම කියාදුන් අත්දැකීමක් බවද ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.
සමහර දේවල් වලින් දුරට යද්දි ඒ දේවල් වල අගය තවත් වැඩි වෙනවා කියන කතාව ඇත්තක් නේද?

0 Comments