
Ngahuia Wild Bird Rescue හි නිර්මාතෘ සහ කළමනාකාරිණිය වන Danielle Hill පවසන්නේ, Cyclone Vaianu කුණාටුවෙන් පසු වනාන්තර සහ මුහුදු පක්ෂීන් විශාල ලෙස බලපෑමට ලක්විය හැකි බැවින් ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි.
ඇය පවසන්නේ, කුණාටුවේ සත්‍ය බලපෑම දැක්වෙන්නේ ඉදිරි දිනවලදී පක්ෂීන් අසාමාන්‍ය ස්ථානවලින් හමුවීමට පටන් ගත් විට බවයි.
🐦 “ඔබේ වත්තේ මුහුදු පක්ෂියෙක් සිටියි නම් එය සාමාන්‍ය දෙයක් නොවේ!”
පසුගිය දැඩි කාලගුණ තත්ත්වයන්හිදී, Masterton සහ Greytown වැනි ප්‍රදේශවලින් සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන මුහුදු පක්ෂීන් හමු වූ බව Danielle Hill පැවසීය.
උදාහරණ ලෙස:
👉🏻Black petrels
👉🏻Sooty shearwaters
👉🏻Fairy prions
ඒ වගේම Cyclone Gabrielle පසු පක්ෂීන් 15කට ආසන්න ප්‍රමාණයක් Wairarapa ප්‍රදේශයෙන් හමු වී ඇත.
🦅 ඇල්බට්‍රොස් පක්ෂීන්ට විශේෂ අවධානයක් දෙන්න…
විශාල මුහුදු පක්ෂියක් වන albatross පක්ෂියක් හමු වුවහොත්, එම පක්ෂියාට නැවත මුහුදට යාමට ඔබගේ උදව් අවශ්‍ය විය හැක.
👉 ඒ සඳහා හේතුව:
albatross පක්ෂීන්ට භූමියෙන් පියාඹා යාම අපහසුයි. ඔවුන් සාමාන්‍යයෙන් ජලය මත සිට පියාඹයි.
⚠️ පක්ෂියක් හමුවූ විට ඔබ කළ යුතු දේ.
Danielle Hill ජනතාවට පහත උපදෙස් ලබා දෙයි:
👉🏻පක්ෂියට සෘජුව අත නොතැබිය යුතුයි
👉🏻තුවාල නොවී සුරක්ෂිත ස්ථානයකට ගෙන යා යුතුයි
👉🏻තුවාල, රෝග හෝ තෙතමනය පරීක්ෂා කළ යුතුයි
👉🏻Department of Conservation (DOC) හෝ ආසන්න පක්ෂීන් බේරාගැනීමේ මධ්‍යස්ථානයට දැනුම් දිය යුතුයි
📸 අවශ්‍ය නම්, පක්ෂියේ ඡායාරූපයක් යවා උපදෙස් ලබාගැනීමත් හොඳ ක්‍රමයක් වෙයි.
❌ මේ දේවල් කරන්න එපා!
👉🏻පක්ෂීන්ට ආහාර හෝ ජලය ලබා නොදෙන්න
👉🏻සෘජුව අතින් අල්ලන්න එපා (පක්ෂියේ පියාපත් ජල-ප්‍රතිරෝධී බව නැතිවිය හැක)
📦 ඔවුන්ට තාවකාලික ආරක්ෂාවක් ලබාදෙන්න..
පක්ෂියක් හමුවූ විට:
👉🏻හොඳින් වාතාශ්‍රය ලැබෙන පෙට්ටියක තැබීම
👉🏻ඉක්මනින් සත්ව විශේෂඥයෙකුට භාරදීම මෙහිදී වැදගත්.
🤝 සහයෝගය හා අරමුදල්.
South Wairarapa District Council විසින් ලබාදුන් අරමුදල් මගින් Ngahuia Wild Bird Rescue ආයතනය මේ අවස්ථාවේ නිසිලෙස ක්‍රියාත්මක කිරීමට හැකිවී ඇත.
කුණාටුවෙන් පසු පරිසරය යථා තත්ත්වයට පත් වන තුරු, මෙම කුඩා ජීවීන්ට අපේ අවධානය සහ උදව් අත්‍යවශ්‍යය බව හොදින් සිහියේ තබාගන්න.🐦

0 Comments