
නවසිලන්තයේ Tauranga නගරයේ දැඩි කාලගුණ තත්ත්වයන් අතර හදිසියේ ඇති වූ ටෝනාඩෝ (සුළි කුණාටු) තත්ත්වයක් නිසා නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, එහි නින්දේ සිටි පවුලක් බිහිසුණු අත්දැකීමකට මුහුණ දී ඇත.
වාර්තා අනුව, මෙම සිද්ධිය අලුයම 1.30ට පමණ සිදුව ඇති අතර, ප්‍රදේශය හරහා ගමන් කළ දැඩි සුළං සහ අකුණු සහිත වැසි සමඟ ටොනාඩෝවක් ඇතිව තිබේ. කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ, එකක් හෝ කිහිපයක් වූ කුඩා ටොරනාඩෝවන් මෙම ප්‍රදේශය හරහා ගමන් කර ඇති බවයි.
විනාශයට ලක්වූ නිවසේ සිටි පවුලේ සාමාජිකයෙකු පවසන්නේ, “අපි මැරෙයි කියලා හිතුනා” යනුවෙන් තමන්ට එම මොහොතේ දැනුණු භීතිය විස්තර කරමින්ය. හදිසියේම නිවස කම්පා වීම, කවුළු බිඳ වැටීම සහ කොටස් කඩා වැටීම හේතුවෙන් ඔවුන් ඉක්මනින් ආරක්ෂිත ස්ථානයකට පලා ගොස් තිබේ.
මෙම සුළි කුණාටුව හේතුවෙන් නිවාස කිහිපයකට දැඩි හානි සිදුව ඇති අතර, ගස් කඩා වැටීම, විදුලි රැහැන් කැඩීම සහ මාර්ග අවහිර වීම වැනි සිදුවීම්ද වාර්තා වී ඇත. සමහර ප්‍රදේශවල නිවාස වලට විදුලි සැපයුමද බිඳ වැටී ඇති බවට වාර්තා වේ.
ආරක්ෂක බලධාරීන් සහ හදිසි සේවා කණ්ඩායම් වහාම ක්‍රියාත්මක වී, හානි ගණනයකිරීම සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වැඩ ආරම්භ කර ඇත. සම්පූර්ණ විනාශය පිළිබඳ සවිස්තර තොරතුරු ගනණයෙන් පසු වැඩිදුරටත් පැහැදිලි වනු ඇතැයි නිලධාරීන් පවසයි.
නවසිලන්තයේ වසරකට මෙවැනි ටොනාඩෝ සිදුවීම් කිහිපයක් වාර්තා වන අතර, ඒවා සාමාන්‍යයෙන් කුඩා වුවත්, කෙටි කාලයකදී විශාල විනාශයක් සිදු කළ හැකි බව කාලගුණ විද්‍යාඥයින් අවධාරණය කරයි.
මෙවැනි හදිසි කාලගුණ තත්ත්වයන් ඇති වෙලාවට, නිවස තුළ ආරක්ෂිත ස්ථානයක් (අභ්‍යන්තර කාමරයක්) තෝරාගෙන සිටීම සහ නිල අනතුරු ඇඟවීම් පිළිපැදීම ජීවිත රැක ගැනීමට ඉතා වැදගත්වේ!

0 Comments