← BACKPolitics

ලංකාවේ මඩ දේශපාලනය නවසීලන්තයටත් ඇවිත්ද?

BY DhanushPUBLISHED APRIL 23, 20261 MIN READ0 COMMENTS

පසුගියදා නවසීලන්තයේ ලේබර් පක්ෂ නායක chris Hipkins මහතා විසින් මුදල් අමාත්‍යවරිය වන Nikola Willis මහත්මියට “වෛද්‍ය උපකාර අවශ්‍යයි” යනුවෙන් අපහාසාත්මක ප්‍රකාශයක් නිකුත් කර තිබූ බවට ලක්කිවි අප වාර්තාකළා.

එහි උණුසුම යන්නටත් මත්තෙන් නැවත වරක්
නවසීලන්ත දේශපාලන කරළියේ දැවැන්ත චරිතයක් වන ‘New Zealand First’ පක්ෂයේ නියෝජ්‍ය නායක ෂේන් ජෝන්ස්ට, නිකොලා විලිස් මහත්මියගෙන් නිල වශයෙන් සමාව අයැදීමට සිදුවුනා.

මෙයට හේතු වූයේ මෑතකදී පැවැති දේශපාලන විවාදයකදී ඇයගේ ශරීරයේ බර අඩු වීම (Weight Loss) සම්බන්ධයෙන් ඔහු විසින් සිදු කරන ලද පෞද්ගලික ප්‍රකාශයකි. දේශපාලන විචාරකයන් සහ මහජනතාව මෙම ප්‍රකාශය හඳුන්වා දුන්නේ වෘත්තීය මට්ටමට නොගැලපෙන, යල් පැන ගිය විවේචනයක් ලෙසයි.

දැඩි දේශපාලන පීඩනයක් හමුවේ ෂේන් ජෝන්ස් ප්‍රකාශ කළේ තමා කළ එම ප්‍රකාශය “නුසුදුසු” එකක් බවයි. දේශපාලන වාද විවාද කෙතරම් උණුසුම් වුවද, පුද්ගලික දේපළ හෝ ශාරීරික ස්වභාවයන් විවේචනය කිරීම සීමාව ඉක්මවා යාමක් බව ඔහු විසින්ම පිළිගත්තේය. තමා විසින් සිදු වූ අතපසුවීම සම්බන්ධයෙන් ඔහු පෞද්ගලිකවම මුදල් අමාත්‍යවරිය වෙත සිය කණගාටුව පළ කර ඇති අතර, ඉදිරියේදී මෙවැනි පෞද්ගලික මඩ ප්‍රහාරවලින් තොරව ප්‍රතිපත්තිගරුක දේශපාලනයක නිරත වීමට උත්සාහ කරන බවද ඔහු සඳහන් කළේය.

මුදල් අමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීමෙන් වැළකී සිටි අතර, ඇය රජයේ ආර්ථික කටයුතු කෙරෙහි පමණක් අවධානය යොමු කරන බව අපට පෙනෙන්නට තිබේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම දේශපාලනඥයන් තමන්ගේ වචන භාවිත කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවට කරන පැහැදිලි පණිවිඩයකි.

ශ්‍රී ලංකාවේ දේශපාලනය තිත්ත වී සිටින අපට නවසීලන්තයෙනුත් මෙවැනි පුවත් ඇසීමට සිදුවීම කණගාටුවට කරුණකි. කෙසේවෙතත් සිදුවූ වරද පිළිගෙන සමාව ගැනීම දේශපාලන ජීවිතයේ වැදගත් ගුණාංගයක් බවත් එහි ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමෙන් පමණක් ජනතාවගේ ඡන්දය දිනාගැනීමට හැකි බවත් මේ මොහොතේ මතක් කළ යුතුය.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *