
නවසීලන්තයේ ටවුරන්ගා (Tauranga) නගර සභාව විසින් එරට නගරාධිපති මහේ ඩ්‍රයිස්ඩේල් මහතාගේ නිල පරිහරණය සඳහා නවසීලන්ත ඩොලර් 50,000 අධික වටිනාකමකින් යුත් නවීන විදුලි මෝටර් රථයක් (EV) මිලදී ගැනීම මේ වන විට නවසීලන්තයේ උණුසුම් පුවතක් බවට පත්ව තිබේ. ජීවන වියදම ඉහළ ගොස් ඇති මෙවැනි සමයක, ජනතාවගේ බදු මුදලින් මෙතරම් විශාල මුදලක් සුඛෝපභෝගී වාහනයකට වෙන් කිරීම සම්බන්ධයෙන් නගර වැසියන් සහ විවිධ සංවිධාන සිය විරෝධය පළ කර ඇත.
කෙසේ වෙතත්, මෙම විවේචන හමුවේ නගරාධිපතිවරයා ඉතා ශක්තිමත් පිළිතුරක් ලබා දෙමින් පවසා සිටින්නේ මෙය
“සුඛෝපභෝගී භාණ්ඩයක් නොව තම රාජකාරිය ඉටු කිරීමට අත්‍යවශ්‍ය මෙවලමක්”
බවයි. මෙම මෝටර් රථය තම පෞද්ගලික දේපළක් නොව නගර සභාවේ සන්තකයේ පවතින දේපළක් බවත්, ඉන්ධන මිල ඉහළ යමින් පවතින යුගයක විදුලි මෝටර් රථයක් භාවිත කිරීම හරහා දිගුකාලීනව නගර සභාවේ මුදල් ඉතිරි වන බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය. ඊට අමතරව පරිසර දූෂණය අවම කිරීම සඳහා නගර සභාව ගෙන යන ප්‍රතිපත්තියට අනුකූලව මෙම තීරණය ගත් බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් මෙම මිලදී ගැනීම නගර සභාවේ සම්මත රීති සහ ටෙන්ඩර් පටිපාටිවලට අනුකූලව සිදු කර ඇති බව බලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

0 Comments