← BACKPolitics

ලක්සන් මහත්තයා ‘බය වුණාද’?අගමැතිතුමා Breakfast එක ප්‍රතික්ෂේප කළේ ඇයි?

BY DhanushPUBLISHED APRIL 28, 20261 MIN READ0 COMMENTS

නවසීලන්ත අගමැති ක්‍රිස්ටෝපර් ලක්සන් (Christopher Luxon) විසින් TVNZ නාලිකාවේ ‘Breakfast’ වැඩසටහන සමඟ පවත්වන සතිපතා සම්මුඛ සාකච්ඡාව අවලංගු කිරීමට ගත් තීරණය මේ වන විට එරට දේශපාලන කරළිය උණුසුම් කර තිබේ. මෙම තීරණය හාස්‍යයට කරුණක් වී ඇත්තේ, මීට පෙර හිටපු අගමැතිනි ජසින්ඩා ආර්ඩන් මෙලෙසම සම්මුඛ සාකච්ඡා මඟහැරිය අවස්ථාවේදී ලක්සන්ගේ ‘නැෂනල්’ පක්ෂය ඇයට ‘බයගුල්ලා’ (Chicken) යැයි පවසමින් ප්‍රසිද්ධියේ සමච්චල් කර තිබීම හේතුවෙනි. එදා අනුන්ට ඇඟිල්ල දිගු කළ ලක්සන් අද තමන්ට අපහසු ප්‍රශ්න එල්ල වන සජීවී සාකච්ඡා මඟහැරීම “දේශපාලන දෙබිඩිකමක්” බව විපක්ෂය චෝදනා කරයි.

අගමැතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසන්නේ වර්තමාන මාධ්‍ය ක්ෂේත්‍රය වෙනස් වී ඇති බැවින් ජනතාව අතරට යාමට සමාජ මාධ්‍ය වැනි වෙනත් විකල්ප ක්‍රම භාවිතා කරන බවයි. කෙසේ වෙතත්, දේශපාලන විචාරකයන් පවසන්නේ සජීවී රූපවාහිනී සාකච්ඡාවලදී එල්ල වන දැඩි ප්‍රශ්න කිරීම්වලින් බේරීමට අගමැතිවරයා උත්සාහ කරන බවයි. වසර ගණනාවක් තිස්සේ පැවත ආ සම්ප්‍රදායක් බිඳ දමමින් රජයේ මාධ්‍ය නාලිකාවට පවා මුහුණ දීමට අගමැතිවරයා මැලි වීම ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

මේ අතරතුර රටේ නායකයා ලෙස ප්‍රධාන මාධ්‍ය නාලිකා හරහා ජනතාවට පිළිතුරු දීමේ වගකීමට ඔහු බැඳී සිටින බවට ජනතාව අතරින්ද හඬක් නැගෙයි. මහජන මුදලින් නඩත්තු වන රූපවාහිනී නාලිකාවක් මඟහැරීම තුළින් අගමැතිවරයා ජනතාවට ලබා දෙන පණිවිඩය කුමක්ද යන්න පිළිබඳව මේ වන විට විශාල ප්‍රශ්නාර්ථයක් මතුවී තිබේ.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *