← BACKHealth

පිළිකාවට එරෙහි සටනේ නවසීලන්තයේ තීරණාත්මක ජයග්‍රහණයක්, Dunedin රෝහලට ඩොලර් මිලියන 4.3ක අතිනවීන ප්‍රතිකාර යන්ත්‍රයක්!

BY DhanushPUBLISHED MAY 3, 20261 MIN READ0 COMMENTS

දකුණු දිග නවසීලන්තයේ පිළිකා රෝගීන් වෙනුවෙන් ඉතාමත් සුබ පුවතක් Dunedin රෝහලෙන් වාර්තා වේ. රුපියල් කෝටි ගණනක් වටිනා (ඩොලර් මිලියන 4.3) අතිනවීන Linear Accelerator (LINAC) යන්ත්‍රයක් රෝහලේ ස්ථාපනය කර අවසන් බව සෞඛ්‍ය අමාත්‍ය සිමියොන් බ්‍රවුන් මහතා නිල වශයෙන් නිවේදනය කර ඇත.

මොකක්ද මේ යන්ත්‍රයේ තියෙන විශේෂත්වය?

මෙය සාමාන්‍ය ප්‍රතිකාර යන්ත්‍රයකට වඩා දස ගුණයක් ප්‍රබල සහ නිරවද්‍යතාවයෙන් ඉහළ තාක්ෂණයකින් යුක්ත වේ,

මිලිමීටරයටම ඉලක්කගත ප්‍රතිකාර – මිලිමීටරයක තරම් කුඩා පිළිකා සෛල පවා හඳුනාගෙන ඒවා විනාශ කිරීමේ හැකියාව පවතී.

නිරෝගී සෛලවලට උපරිම ආරක්ෂාව – පිළිකා සෛලවලට පමණක් විකිරණ එල්ල කරන බැවින්, මොළය වැනි සංවේදී ඉන්ද්‍රියන් අවට ඇති නිරෝගී පටකවලට සිදුවන හානිය අවම කරයි.

සූක්ෂ්ම ප්‍රතිකාර ක්‍රම – විවිධ කෝණ හරහා පිළිකා ඇති ස්ථානයට විකිරණ නිකුත් කළ හැකි නිසා ප්‍රතිකාරයේ සාර්ථකත්වය ඉතා ඉහළය.

ප්‍රතිකාර කාලය අඩු වීම – මෙහි ඇති නවීන මෘදුකාංග මගින් එකවර පිළිකා කිහිපයකට ප්‍රතිකාර කළ හැකි නිසා, රෝගීන්ට රෝහලේ ගත කිරීමට සිදුවන කාලය සැලකිය යුතු ලෙස අඩු වේ.

දකුණු දිග වැසියන්ට ලැබෙන මහා සහනයක්

මීට පෙර මෙවැනි උසස් ප්‍රතිකාර සඳහා ඇතැම් විට දුර බැහැර ප්‍රදේශවලට යාමට රෝගීන්ට සිදුවුවද, මෙම නව යන්ත්‍රය නිසා ඩනීඩින් සහ අවට පදිංචි රෝගීන්ට තම නිවසට ආසන්නයේදීම ලොව ඉහළම තාක්ෂණික ප්‍රතිකාර ලබා ගැනීමට දැන් අවස්ථාව හිමි වේ.

📢 සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය

“අපි අවධානය යොමු කරන්නේ නවසීලන්ත වැසියන්ගේ පිළිකා මර්දන ප්‍රතිඵල ඉහළ නැංවීමටයි. මෙවැනි ආයෝජනයන් හරහා රෝගීන්ට ගුණාත්මක සහ නවීන ප්‍රතිකාර ක්‍රම තම ප්‍රදේශයේදීම ලබා දීමට අප කැපවී සිටිනවා.”

නවසීලන්තය පුරා පිළිකා මර්දන සේවාවන් පුළුල් කිරීමේ රජයේ දැවැන්ත වැඩපිළිවෙළ යටතේ, මීට පෙර තාරනාකි පිළිකා මධ්‍යස්ථානයේද මෙවැනිම යන්ත්‍රයක් ස්ථාපනය කළ අතර ඉදිරියේදී රට පුරා මෙම සේවාව තවදුරටත් ව්‍යාප්ත කිරීමට නියමිතය.

මෙම වටිනා තොරතුර ඔබේ හිතවතුන් අතරත් බෙදා ගන්න. ✅

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *