
ඔටාගෝ විශ්වවිද්‍යාලයේ සහය මහාචාර්ය Anaru Eketone විසින් ලියන ලද ලිපියක් මගින්, ‘හකා’ (Haka) නර්තනය යනු හුදෙක් “සටන් නර්තනයක්” පමණක් බවට ඇති පොදු මතයට අභියෝග කරයි. ඔහු පෙන්වා දෙන්නේ මෙය Māori ජනතාවගේ හැඟීම්, ඉතිහාසය සහ සමාජීය අදහස් ප්‍රකාශ කරන ඉතා ගැඹුරු සහ සංකීර්ණ සංස්කෘතික මෙවලමක් බවයි. අපි මේ ලිපියෙන් එහි ඇති සත්‍ය අසත්‍යතාවය සොයාබලමු.
🔴සටන් බිමෙන් ඔබ්බට ගිය හකා.
ඓතිහාසිකව රණවිරුවන් සටනට සූදානම් කිරීම සඳහා මෙය යොදා ගත්තද, ‘හකා’ යන්නෙහි සරල තේරුම “ඉරියව් නර්තනය” (Posture dance) යන්නයි. Eketone මහාචාර්යවරයා පවසන පරිදි එය මිනිස් ජීවිතයේ සෑම අවස්ථාවකටම අදාළ වේ. උදාහරණ වශයෙන්:
👉🏻සැමරුම්: උපාධි ප්‍රදානෝත්සව, විවාහ මංගල්‍යයන් සහ ක්‍රීඩා ජයග්‍රහණ වලදී.
👉🏻ගෞරවය සහ ශෝකය: අවමංගල්‍ය උත්සව වලදී හෝ ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන අගය කිරීමට
👉🏻අභියෝග: දේශපාලන ප්‍රකාශ සහ සමාජ විරෝධතා සඳහා වේදිකාවක් ලෙස.
👉🏻පිළිගැනීම: පැමිණෙන ආගන්තුකයන්ට දැඩි ගෞරවයක් සහිතව ආචාර කිරීම
යන අවස්ථා වලදී හකා නර්තනය ඉදිරිපත් කරයි.
🔴නර්තනයේ භෞතික විද්‍යාව. “ඉහී (Ihi) සහ වෙහී (Wehi)”
ප්‍රබල හකා නර්තනයක තිබිය යුතු මවුරි සංකල්ප දෙකක් මෙතුමා හඳුන්වා දෙයි. එනම්:
👉🏻ඉහී (Ihi): නර්තනයේ යෙදෙන්නන් තුළින් විහිදෙන අභ්‍යන්තර ශක්තිය, ආශාව සහ බලයයි.
👉🏻වෙහී (Wehi): එම ශක්තිය සාර්ථකව සම්ප්‍රේෂණය වූ විට නරඹන්නන් තුළ ඇතිවන බියකරු බව හෝ හිරිගඩු පිපෙන හැඟීමයි.
හකා නර්තනයක් සාර්ථක වීමට නම් එය අව්‍යාජ විය යුතුය. නර්තන ශිල්පීන් විනයක් සහ අභිමානයක් සහිතව තම ‘ඉහී’ ශක්තිය මුදා හරින විට, නරඹන්නන් තුළ ‘වෙහී’ හැඟීම නිරුත්සාහයෙන්ම ඇතිවේ.
🔴 නූතන විරෝධතාවල මෙවලමක් වශයෙන්ද හකා නර්තන ඉදිරිපත් කරයි.
මෙම ලිපිය මගින් හකා නර්තනය අදටත් දේශපාලන කතිකාවතක් ලෙස පවතින ආකාරය පෙන්වා දෙයි.
👉🏻මෑතකදී නවසීලන්ත පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් කළ හකා නර්තනය සහ
👉🏻’වයිටැන්ගි ගිවිසුම’ (Treaty of Waitangi) පිළිබඳ පණිවිඩ ගෙනයාම හකා නර්තනය හරහා ඉදිරිපත් කිරීම මෙයට කදිම උදාහරණ වේ.
දේශපාලඥයන් මෙය තමන්ට පක්ෂව ඇති විට අගය කළද, එය විරෝධතාවක් ලෙස ඉදිරිපත් කරන විට ඔවුන් අපහසුතාවට පත්වන බවද Eketone මහතා මෙහිදී පෙන්වා දෙයි.
🔴සංස්කෘතික ගෞරවයේ වැදගත්කම.
1979 දී සිදුවූ “Haka Party Incident” නමින් හැඳින්වෙන සිදුවීම ගැනද මෙහි සඳහන් වේ. එහිදී ඉංජිනේරු සිසුන් පිරිසක් හකා නර්තනය විහිළුවට ලක් කරමින් අසභ්‍ය ලෙස ඉදිරිපත් කිරීමට උත්සාහ කළ අතර මයෝරි සිසුන් එයට දැඩි විරෝධය පෑහ. හකා නර්තනය යනු මයෝරි අනන්‍යතාවයේ පූජනීය ප්රකාශනයක් බැවින්, එය විහිළුවක් ලෙස සැලකීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව මෙයින් පැහැදිලි වෙයි.
අවසාන වශයෙන්, Eketone මහාචාර්යවරයා තර්ක කරන්නේ ‘හකා’ යනු හුදෙක් ඕල් බ්ලැක්ස් (All Blacks) කණ්ඩායමේ තරගයකට පෙර කරන චාරිත්‍රයක් පමණක් නොවන බවයි. එය මවුරි සංස්කෘතික වටිනාකම් සහ නවසීලන්ත අනන්‍යතාවය ලොවටම කියාපාන ජාතිකත්වයේ ප්‍රබල හඬකි.
නවසීලන්තයේ වෙසෙන ඔබ හකා නර්තනයක් සියැසින් දැක තිබේද? ඒ අත්දැකීම මොනවගේද?

0 Comments