← BACKHealth

ප්‍රතිපාදන මදිවීමෙන් නවසීලන්තයේ Hospice සත්කාරක මධ්‍යස්ථාන අර්බුදයක අසාධ්‍ය රෝගීන් හරවා යවන තත්ත්වයක්!

BY DhanushPUBLISHED MAY 16, 20261 MIN READ0 COMMENTS

📍 නවසීලන්තය පුරා ක්‍රියාත්මක වන Hospice හෙවත් අසාධ්‍ය සහ මරණාසන්න රෝගීන්ට නොමිලේ සාත්තු සේවා සපයන මධ්‍යස්ථාන දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී තිබෙනවා. රජයෙන් ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම සහ පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඇතැම් මධ්‍යස්ථානවලට පැමිණෙන රෝගීන් හරවා යැවීමට පවා සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

📍 මේ වන විට නවසීලන්තය පුරා මෙවැනි මධ්‍යස්ථාන 32ක් ක්‍රියාත්මක වන අතර, ක්ෂේත්‍රයේ රැඳී සිටීම සඳහා රජයෙන් වාර්ෂිකව තවත් ඩොලර් මිලියන 80ත් 100ත් අතර අමතර ප්‍රතිපාදනයක් අවශ්‍ය බව බලධාරීන් පවසනවා. දැනට මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ මහජන ආධාර සහ ස්වේච්ඡා සේවකයන්ගේ දායකත්වයෙන් වුවත්, පවතින උද්ධමනය සහ වැටුප් පිරිවැය හමුවේ ඔවුන් සතු සංචිත මුදල් පවා මේ වන විට වැය වෙමින් පවතිනවා.

📍 දකුණු ඕක්ලන්ඩ් හි Tōtara Hospice හි ප්‍රධාන විධායක Tina McCafferty ප්‍රකාශ කළේ, පවතින තත්ත්වය මත ඔවුන්ට සත්කාර කළ හැකි රෝගීන් සංඛ්‍යාව සීමා කිරීමට සිදු වී ඇති බවයි.
⚠️ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය Simeon Brown කියා සිටියේ, රජය මේ ගැටලුව හඳුනාගෙන ඇති අතර Hospice NZ ආයතනය සමඟ එක්ව ඉදිරි ප්‍රතිපාදන වැඩි කිරීම් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවයි. කෙසේ වෙතත්, වසර ගණනාවක සිට පවතින මෙම ආයෝජන හිඟයට කඩිනම් සහ ස්ථාවර විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී සේවා සැපයීම තවදුරටත් සීමා කිරීමට සිදුවන බව හොස්පිස් බලධාරීන් අනතුරු අඟවනවා.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *