
ලබන නොවැම්බර් 7 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්ක කරගනිමින්, නවසීලන්ත මුදල් ඇමතිනී Nicola Willis විසින් 2026 වසර සඳහා වන එරට අයවැය ප්‍රකාශයට පත් කර තිබේ. ඇය මෙවර මැතිවරණ වර්ෂයේදී ජනප්‍රිය රැවටිලි සහන වෙනුවට, දැඩි මූල්‍ය විනයක් සහිත “ප්‍රායෝගික” අයවැයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
මෙම අයවැය මඟින් සෞඛ්‍ය, අධ්‍යාපන, ආරක්ෂක සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ඩොලර් බිලියන 7ක දැවැන්ත ප්‍රාග්ධන ආයෝජනයක් වෙන් කර තිබේ. ඉන් බිලියන 5.5ක්ම සෘජුවම වෙන් කර ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙනි.
එසේම, පවතින ඉන්ධන මිල අර්බුදය හමුවේ අඩු සහ මධ්‍යම ආදායම් ලබන සේවක පවුල් 157,000ක් සඳහා සතියකට ඩොලර් 50ක අතිරේක බදු සහනයක් ලබා දීමට රජය පියවර ගෙන ඇත.
කෙසේ වෙතත්, රජයේ වියදම් පාලනය කිරීම සඳහා රාජ්‍ය අංශයේ රැකියා 8,500ක් පමණ කපා හැරීමට සහ කෘතිම බුද්ධිය (AI) බහුලව භාවිත කිරීමට ගත් තීරණය විපක්ෂයේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

0 Comments