← BACKHealth

නවසීලන්ත ප්‍රාදේශීය රෝහල්වල වෛද්‍ය හිඟයට නව උපාධි වැඩසටහනකින් විසඳුම්!

BY DhanushPUBLISHED JUNE 14, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ ග්‍රාමීය සහ ප්‍රාදේශීය නගරවල පවතින දැඩි වෛද්‍ය හිඟයට පිළියමක් ලෙස University of Waikato විසින් හඳුන්වා දී ඇති නව පශ්චාත්-උපාධි වෛද්‍ය පාඨමාලාව (Graduate-entry medical programme) ඉතා සාර්ථක විසඳුමක් වනු ඇති බව Blenheim හි ප්‍රජා වෛද්‍යවරියක (GP) වන Dr Emily Marfell ප්‍රකාශ කරයි.

රජය විසින් අනුමත කරන ලද මෙම නව වැඩසටහන යටතේ ප්‍රථම සිසුන් කණ්ඩායම (සිසුන් 120ක්) 2028 වසරේදී බඳවා ගැනීමට නියමිතය. මෙම සිසුන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන් තම සිව් වසරක පාඨමාලාවේ පළමු වසර හැමිල්ටන් සරසවි පරිශ්‍රයේ අධ්‍යයන කටයුතු සඳහා ගත කරන අතර, ඉතිරි වසර තුනම වයිකාටෝ, බේ ඔෆ් ප්ලෙන්ටි, තාරනකි, හෝක්ස් බේ හෝ නෙල්සන් මාල්බරෝ වැනි ප්‍රාදේශීය රෝහල් සහ සායන ආශ්‍රිතව ප්‍රායෝගික පුහුණුව සඳහා ගත කිරීමයි.

🔴 ප්‍රාදේශීය නගරවල වත්මන් අර්බුදය.
වසර 20කට ආසන්න කාලයක් බැලෙන්හයිම් හි සේවය කරන ඩොක්ටර් මාෆෙල් පවසන්නේ, දැනට තම ප්‍රදේශයේ වෛද්‍ය සේවාවන් බොහෝ දුරට පවත්වාගෙන යන්නේ විදේශයන්හි පුහුණුව ලැබූ වෛද්‍යවරුන් (Overseas-trained doctors) මඟින් බවයි. සාමාන්‍ය වෛද්‍ය සිසුන් ප්‍රාදේශීය හෝ ග්‍රාමීය ප්‍රදේශවල සේවය කිරීමට දක්වන්නේ දැඩි අකමැත්තකි. නමුත් වෛද්‍ය අධ්‍යාපනයේදී පෙනී ගොස් ඇති සත්‍යය නම්, සිසුන් ග්‍රාමීය පරිසරයක වැඩි කාලයක් පුහුණුව ලබන විට, ඔවුන් ස්වේච්ඡාවෙන්ම එම ප්‍රදේශවල ස්ථිර සේවය සඳහා නැවත පැමිණීමේ ප්‍රවණතාව ඉහළ අගයක් ගන්නා බවයි.

🔴 නව ආකෘතියේ සුවිශේෂීත්වය.
සාම්ප්‍රදායික ඔටාගෝ හෝ ඕක්ලන්ඩ් වෛද්‍ය පීඨයන්ට වඩා වෙනස්, ඕස්ට්‍රේලියානු ආකෘතියකට සමාන මෙම නව ක්‍රමය මඟින් සිසුන් තම සායනික පුහුණුවෙන් අඩක්ම ගත කරන්නේ ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ පවුල් සෞඛ්‍ය සායන (Primary-care practices) තුළය.

මාල්බරෝ ප්‍රාථමික සෞඛ්‍ය අංශයේ ප්‍රධාන විධායක Beth Tester සඳහන් කරන්නේ, වසරකට වෛද්‍යවරුන් 6ත් 8ත් අතර ප්‍රමාණයක් සොයාගැනීමට තමන් දැඩි වෙහෙසක් ගන්නා බවත්, මෙම නව ක්‍රමය මඟින් වෛද්‍ය සිසුන් ප්‍රාදේශීය ප්‍රජාවේම කොටස්කරුවන් බවට පත්වන බැවින් සෞඛ්‍ය පද්ධතියේ පවතින දැඩි පීඩනය අවම කර ගැනීමට මෙය මහඟු පිටුවහලක් වන බවත්ය.

මෙම ව්‍යාපෘතිය යටතේ නෙල්සන් සහ බැලෙන්හයිම් නගර කේන්ද්‍ර කරගනිමින් නව සායනික ඉගෙනුම් මධ්‍යස්ථාන (Community clinical learning centres) දෙකක්ද ස්ථාපිත කිරීමට නියමිතය.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *