← BACKHealth

OCD මානසික පීඩනයෙන් මිදෙන්න දින 4ක විස්මිත ප්‍රතිකාරයක්! 17 හැවිරිදි තරුණියකගේ අත්දැකීම!

BY DhanushPUBLISHED JUNE 15, 20261 MIN READ0 COMMENTS

නොනවත්වා සිතීම, අධික ලෙස කනස්සල්ලට පත්වීම සහ එකම ක්‍රියාවක් නැවත නැවත කිරීමට පෙළඹීම වැනි රෝග ලක්ෂණ සහිත OCD (Obsessive-Compulsive Disorder) මානසික තත්ත්වයෙන් පෙළෙන රෝගීන්ට අලුත් බලාපොරොත්තුවක් දෙමින්, දින 4ක විප්ලවීය ප්‍රතිකාර ක්‍රමයක් නවසීලන්තයෙන් වාර්තා වේ.

නෝර්වේ රාජ්‍යයෙන් ඇරඹි, Bergen 4-Day Treatment (B4DT) ලෙස හැඳින්වෙන මෙම දැඩි සායනික ප්‍රතිකාර ක්‍රමය හරහා සාමාන්‍යයෙන් මාස ගණනාවක් තිස්සේ ලබාදෙන මානසික ප්‍රතිකාර, දින 4ක් වැනි කෙටි කාලයකට සංකේන්ද්‍රණය කර ලබාදෙනු ලබයි.

මෙම ප්‍රතිකාරය සාර්ථකව නිමකළ 17 හැවිරිදි Niamh Devlin පවසන්නේ, තමන් විදුලි ස්විචයන් ක්‍රියාත්මක කිරීමේදී සහ මිනිසුන්ගේ හැඟීම් කියවීමට උත්සාහ කරමින් මනසින් දැඩි ලෙස වෙහෙසට පත්ව සිටි බවයි. සාමාන්‍ය සතිපතා ප්‍රතිකාරවලින් සුවයක් නොලද ඇය, මෙම දින 4 වැඩසටහනෙන් පසු පුදුමාකාර ලෙස සුවය ලබා ඇත.

මෙහිදී වෛද්‍යවරුන් විසින් රෝගීන්ට ඔවුන් බියවන හෝ මඟහරින තත්ත්වයන්ට (උදාහරණයක් ලෙස නන්නාඳුනන අය සමඟ කතා කිරීම) සෘජුව මුහුණ දීමට සලස්වන අතර, ඒ හරහා සිතේ ඇතිවන බිය සහ චකිතය පාලනය කිරීමට මනස පුහුණු කරයි. මෙම පරීක්ෂණාත්මක වැඩසටහනට සහභාගී වූ තරුණ තරුණියන්ගෙන් 81%ක්ම දින 10ක් ඇතුළත ඉතා ඉහළ සුවයක් පෙන්වා ඇති අතර, අඩකට වඩා වැඩි පිරිසක් සම්පූර්ණ සුවය ලබා තිබේ.

දැනට පෞද්ගලිකව ලබාගැනීමට අධික පිරිවැයක් (ඩොලර් 6,000 – 8,000) වැයවන මෙම සාර්ථක ප්‍රතිකාර ක්‍රමය, නවසීලන්තයේ නොමිලේ ලබාදෙන රජයේ සෞඛ්‍ය පද්ධතියට ඇතුළත් කිරීමට මේ වන විට වෛද්‍ය සංවිධාන උත්සාහ කරමින් සිටී.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *