
නවසීලන්ත දේශපාලන කරළිය උණුසුම් කරමින් නිකුත් වූ නවතම ‘1News Verian’ මතවිමසුම් වාර්තාවට අනුව, මෙරට වත්මන් සභාග ආණ්ඩුවට බලය අහිමි වීමේ දැඩි අවදානමක් මතුව තිබේ. 1996 වසරෙන් පසු එරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන Labour සහ නැෂනල් National පක්ෂවල ඒකාබද්ධ ජනප්‍රියතාව 61% දක්වා ඉතිහාසයේ අවම මට්ටමකට කඩා වැටී ඇත.
මෙම තත්ත්වය තුළ වත්මන් අගමැති Christopher Luxon නායකත්වයෙන් යුත් සභාග ආණ්ඩුවට බහුතරය අහිමි වී ඇති අතර, විපක්ෂයේ වාමාංශික පක්ෂ සන්ධානය ආසන 64ක් ලබා ගනිමින් පෙරමුණට පැමිණ තිබේ.
මෙම දේශපාලන පෙරළියේ කැපී පෙනෙනම සිදුවීම වන්නේ ‘The Opportunity Party’ (TOP) නැමැති විකල්ප දේශපාලන පක්ෂය 4.6%ක මනාප ප්‍රතිශතයක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට ඇතුළත් වීම සඳහා අවශ්‍ය 5% සීමාවට අඟලක් මෙපිටින් සිටීමයි. බදු රහිත මූලික ආදායම් ක්‍රමයක් (UBI) සහ ඉඩම් බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට යෝජනා කරන මෙම පක්ෂය, නවසීලන්තයේ මීළඟ ආණ්ඩුව තීරණය කරන තීරණාත්මක බලවේගය බවට පත්වීමේ ලකුණු පහළ වී ඇත. තවමත් 14%ක ඡන්දදායකයින් පිරිසක් තම මනාපය ප්‍රකාශ කර නොමැති බැවින්, ඉදිරි මැතිවරණය වඩාත් තීරණාත්මක සහ අදහාගත නොහැකි එකක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

0 Comments