
ලොව පුරා අතිශය ජනප්‍රිය වූ Disney ආයතනයේ “Moana” සජීවීකරණ (Animated) චිත්‍රපටය, දැන් සැබෑ නළු නිළියන් යොදාගෙන “Live-Action” සිනමාපටයක් ලෙස නැවත නිර්මාණය වෙමින් පවතිනවා. මෙහි සුපිරි බලසම්පන්න Maui දෙවියන්ගේ චරිතයට පණ පොවන සුපිරි තරුවක් වන ඩ්වේන් ජොන්සන් (Dwayne “The Rock” Johnson), මෙහි රූගත කිරීම්වලදී තමන් මුහුණ දුන් අසීරු සහ හැඟීම්බර අත්දැකීම් සමූහයක් මෑතකදී මාධ්‍ය වෙත හෙළි කර තිබෙනවා.
ඔහු පවසන පරිදි, මේ චිත්‍රපටය හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් නොව, පැසිෆික් දූපත් වැසියන්ගේ සැබෑ සංස්කෘතිය ලෝකයටම පෙන්වීමට ලැබුණු රන්වන් අවස්ථාවකි.
🔴 කිලෝ 18ක ඇඳුමක රහස!
මෙම චිත්‍රපටයට පෙර ඩ්වේන් ජොන්සන් වෙනත් සටන්කාමී චිත්‍රපටයක රඟපෑ නිසා ඔහුගේ ශරීරය සාමාන්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් විශාල වී තිබුණි. ‘මාවුයි’ ගේ සැබෑ පෙනුම ලබා ගැනීම සඳහා ඔහුට කිලෝග්‍රෑම් 18 ක් (රාත්තල් 40ක්) බරැති කෘතිම ඇදුමකින් (Prosthetic Suit) සැරසී රඟපෑමට සිදු විය. එහි ඇතුළත අධික ලෙස රත් වූ බවත්, එය තමන්ට දැඩි කායික පීඩනයක් ගෙන දුන් බවත් ජොන්සන් පවසා ඇත.
🔴 නවසීලන්තයේ සහ පැසිෆික් දූපත්වල සැබෑ දක්ෂයින්.
මෙහි විශේෂත්වය වන්නේ සජීවීකරණ චිත්‍රපටයට වඩා හාත්පසින්ම වෙනස්ව, සැබෑ පැසිෆික් දූපත් ලේ උරුමයක් ඇති නවසීලන්ත (Kiwi) නළු නිළියන් රැසක් මීට දායක වීමයි. නවක නිළි Catherine Laga‘aia ‘මෝවානා’ ගේ චරිතයට පණ පොවන අතර, ජෝන් ටුයි, ෆ්‍රැන්කි ඇඩම්ස් සහ රීනා ඕවන් වැනි දක්ෂයින් සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරති.
ඩ්වේන් ජොන්සන් පවසන්නේ මෙම චිත්‍රපටය නැරඹීමේදී නවසීලන්තයේ හෝ සැමෝවා දූපත්වල සිටින 10 හැවිරිදි දරුවෙකුට, “මේ ඉන්නේ මගේ සීයලා, මාමාලා, මේ මගේම සංස්කෘතියයි” කියා මහත් ආඩම්බරයක් දැනෙනු ඇති බවයි.
මොවානා බලපු නැති කෙනෙක් නම් නවසීලන්තයේ නැතුව ඇති. පැසිෆික් වැසියන්ගේ අතීතය, සංස්කෘතිය සහ ඔවුන්ගේ ඇදහීම් විශ්වාස ගැන ලෝකයටම කියන හරි අපුරූ නිර්මාණයක් තමයි මොවානා. බලල නැත්නම් අදම බලන්න. ඔබේ දරුවන්ටත් පෙන්වන්න. බලපු අය පහළින් කමෙන්ට් එකක් දාගෙන යන්න.

0 Comments