← BACKHealth

රග්බි ක්‍රීඩාවෙන් බෙල්ල කඩාගත් ඇය, මීළගට කරන්න හිතාගෙන ඉන්න දේ?

BY DhanushPUBLISHED JULY 4, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ Southland ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි Joccoa Crosswell නැමැති තරුණ රග්බි ක්‍රීඩිකාව පසුගියදා මුහුණ දුන් අවාසනාවන්ත අනතුරකින් ඇගේ කශේරුකා (vertebrae) දෙකක් බිඳී යාමට ලක්ව තිබේ. තරඟයක් අතරතුර ප්‍රතිවාදී ක්‍රීඩිකාවකගෙන් හිසට ඉහළින් එල්ල වූ නීතිවිරෝධී දරුණු වැළැක්වීමක් (Head-high tackle) හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදු වූ සැනින් ඇයට එහි බරපතලකම දැනී නොමැති අතර, ඇය තවත් සුළු වේලාවක් ක්‍රීඩා කර තිබේ. පසුව වම් අතෙහි ඇති වූ හිරිවැටීමක් සහ දරුණු වේදනාව හේතුවෙන් ඇය පිටියෙන් ඉවත් වී රෝහල්ගත වී ඇත. එහිදී වෛද්‍යවරුන් තහවුරු කළේ ඇගේ බෙල්ලේ අස්ථි බිඳී ඇති බවයි. විශේෂඥ වෛද්‍යවරයෙකු ඇයට පවසා ඇත්තේ, “ඔයා කොච්චර වාසනාවන්තද කියලා හිතාගන්න පුළුවන්ද? මීට වඩා පොඩ්ඩක් හෝ එහා මෙහා වුණා නම් ඔයා අංශභාග රෝගියෙක් වෙන්න හෝ ජීවිතය නැතිවෙන්න පවා ඉඩ තිබුණා” යනුවෙනි.

ඇගේ 21 වන උපන්දිනය පවා සමරන්නට සිදු වූයේ හිස සහ බෙල්ල සෙලවීම වැළැක්වීම සඳහා සවි කරන ලද “Halo Brace” නැමැති ලෝහමය ආරක්ෂිත ආවරණය පැළඳගෙනයි. මෙම අනතුර නිසා ඇයට තවදුරටත් රග්බි ක්‍රීඩාවේ යෙදීමට නොහැකි බව වෛද්‍යවරුන් පවසා ඇත.
කෙසේ වෙතත්, තමන් මුහුණ දුන් මේ දරුණු ඉරණම ගැන ඇය පසුතැවෙන්නේ නැත. ඉතා ධනාත්මක ලෙස ජීවිතයට මුහුණ දෙන ජොකෝවා පවසන්නේ, රග්බි යනු ශරීරයෙන් ශරීරය හැප්පෙන ක්‍රීඩාවක් (Contact sport) බැවින් මෙවැනි අනතුරු සිදුවීම සාමාන්‍ය දෙයක් බවයි. “මට සෙල්ලම් කරනවාට වඩා වැදගත් වෙන්නේ නැගිටලා ඇවිදින්න සහ කතා කරන්න පුළුවන්කම ලැබීමයි” යන්න ඇගේ අදහසයි. රග්බි ක්‍රීඩාව අහිමි වුවද, තම ජීවිතයේ අනෙක් ලැදියාව වන අශ්වයන් පැදීමේ ක්‍රීඩාවට කෙසේ හෝ නැවත අවතීර්ණ වන බව ඇය දැඩි විශ්වාසයෙන් යුතුව පවසන්නීය.

ධෛර්යවන්ත ඇයට ඉක්මනින් සුවය ලැබී, ඇගේ මීළග සිහිනය සාර්ථක කරගන්නට හැකිවේවා! 💐🙏🏻

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *