← BACKCrime

ගේ ඉස්සරහින් මාරු වෙන්න, මහ පාර මැද පදිකමාරු ඇඳපු මගියා!

BY DhanushPUBLISHED JULY 10, 20261 MIN READ0 COMMENTS

තිමාරු නගරයේ නාගරික සැලසුම් කමිටුවලටත් වඩා ඉදිරියට යමින්, කිසිවෙකුගේ අවසරයකින් තොරව තිමාරු නගරයේ සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කිරීමට ගිය පුද්ගලයෙකු පිළිබඳව පුවතක් නවසීලන්තයෙන් වාර්තා වේ.

ඔහුට මේ සඳහා කිසිදු ප්‍රතිපාදනයක් හෝ අයවැයක් අවශ්‍ය වී නොතිබීම විශේෂත්වයකි. ජොසියා බෲකින් (Josiah Brooking) නමැති මෙම පුද්ගලයා, තිමාරු නගරයට ඇතුළු වන ප්‍රධාන මහා මාර්ගයක් මැද සම්පූර්ණයෙන්ම ව්‍යාජ පදික මාරුවක් (Zebra Crossing) රාත්‍රී කාලයේදී තනිවම තීන්ත ආලේප කර සකස් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් හේතුවෙන් අධිකරණය විසින් බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

පොලිස් වාර්තාවලට අනුව, බෲකින්ට එම ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සිදුවන ආකාරය පිළිබඳව සෑහීමකට පත්වීමට නොහැකි වී තිබේ. මේ නිසා සුදු තීන්ත බාල්දියක් ද රැගෙන පැමිණි ඔහු, තනිවම පාර මැද මෙම පදික මාරුව ඇඳ ඇත.

නමුත් ඔහුගේ මෙම ‘ස්වයංපෝෂිත නාගරික සංවර්ධන’ ව්‍යාපෘතිය වැඩි කල් පැවතුණේ නැත. ඔහු ඇඳි ඉරි එතරම් කෙළින් නොතිබූ අතර, තිමාරු නගරයට ඇතුළු වන රියදුරන් පාර මැද අලුතින්ම දර්ශනය වූ මෙම පදික මාරුව දැක දැඩි ලෙස ව්‍යාකූලත්වයට පත් වූහ. මන්දයත්, එම පදික මාරුව කෙළින්ම අවසන් වූයේ පාර අයිනේ තිබූ තණකොළ පිස්සකින් බැවිනි.

පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නා විට, ඔහු සතුව තිබී නීති විරෝධී ලෙස කපා කොටා සකස් කරන ලද තුවක්කුවක් (Sawn-off Shotgun) ද සොයාගෙන තිබේ. අධිකරණයේදී අනාවරණය වූයේ මොහු මීට පෙරද බන්ධනාගාර දෙකක වහලවල් මත නැගී ප්‍රචණ්ඩකාරී ලෙස විරෝධතා දැක්වූ අයෙකු බවයි. අවසානයේදී, අවසරයකින් තොරව මාර්ග සංඥා වෙනස් කිරීම, නීති විරෝධී ගිනිඅවි ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා රැසකට වැරදිකරු කරමින් විනිසුරුවරයා ඔහුව බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *