
නවසීලන්තයේ වයිරෝවා (Wairoa) ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන රැසකට දැඩි හානි සිදුව තිබේ. වයිරෝවා ගඟ පිටාර ගැලීම නිසා පහත් බිම්වල ජීවත් වූ වැසියන් රැසක් කඩිනමින් ඉවත් කිරීමට සහන සේවා කටයුතු කර ඇත.
ගංවතුර මට්ටම අවදානම් සීමාව ඉක්මවා යාමත් සමඟ නගරාධිපති ක්‍රේග් ලිට්ල් (Craig Little) විසින් ප්‍රදේශයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී. අවදානම් කලාපවල (විශේෂයෙන් Outram, Grant, Kopu සහ Apatu වීදිවල) සිටි වැසියන්ට වහාම ඉවත් වන ලෙස දුරකථන පණිවිඩ මඟින් දැනුම් දෙන ලදී. මධ්‍යම රාත්‍රියේ පැමිණි මහා වඩදිය බාදිය තත්ත්වයට පෙර 40ත් 50ත් අතර පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා පලා ගියහ.
🔴 මෙම විනාශයට ප්‍රධානතම හේතු වූයේ:
👉🏻 ඉහළ ප්‍රදේශවලට ඇද හැළුණු අධික වැස්ස: දින ගණනාවක් තිස්සේ ඇද හැළුණු වැසි ජලය විශාල වශයෙන් මුහුද දෙසට ගලා ඒම.
👉🏻 මුහුදු රළ රළු වීම: මීටර 3-4ක් උස මහා මුහුදු රළ ගඟ මුහුදට ගලා යාම වැළැක්වීම නිසා, ජලය ආපසු හැරී නගරයේ වීදි කරා ගලා ඒම.
🔴 බිඳ වැටුණු යටිතල පහසුකම්.
ප්‍රාථමික තක්සේරුවලට අනුව නිවාස 20කට වඩා වැඩි ප්‍රමාණයක අභ්‍යන්තරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත. මීට අමතරව, දරුණු කාලගුණය හේතුවෙන් විදුලි බලය සහ අන්තර්ජාල සබඳතා බිඳ වැටුණු අතර, වයිරෝවා සහ ඒ අවට ප්‍රදේශවල නිවාස 600කට අධික සංඛ්‍යාවකට විදුලිය විසන්ධි විය. නායයෑම් සහ මාර්ග ජලයෙන් යටවීම නිසා වයිරෝවා නගරය සෙසු ප්‍රදේශවලින් තාවකාලිකව හුදකලා විය.
🔴 නැවත අවදි වූ බියකරු මතකයන්.
‘ගැබ්රියෙල්’ සුළි කුණාටුවෙන් (Cyclone Gabrielle) දැඩි ලෙස බැටකා සිටි වයිරෝවා වැසියන්ට මෙම සිදුවීමත් සමඟ පැරණි බියකරු මතකයන් නැවත අවදි වී තිබේ. දැනට ගංවතුර බැස යමින් පවතින අතර, සහන සේවා කණ්ඩායම් කසල ඉවත් කරමින් මාර්ග නැවත පිළිසකර කිරීමට සහ පීඩාවට පත් ජනතාවට උපකාර කිරීමට කටයුතු කරමින් සිටී.

0 Comments