← BACKHealth

ලෝකයම බය කළ මාරාන්තික වෛරසය නවසීලන්තයෙන් හමුවෙයි!

BY Dhanush•PUBLISHED JULY 15, 2026•1 MIN READ•0 COMMENTS

මෙතෙක් කලක් මාරාන්තික කුරුළු උණ වෛරසයෙන් ආරක්ෂා වී තිබූ නවසීලන්තයට ද අවසානයේදී එම අවදානමට මුහුණ දීමට සිදුව තිබේ. ඉතා වේගයෙන් පැතිර යන මාරාන්තික H5N1 කුරුළු උණ (H5N1 Bird Flu) වෛරසය වැළඳුණු මුහුදු පක්ෂියෙකු (brown skua) වෙලින්ටන්හි පෙටෝන් වෙරළ තීරයෙන් ප්‍රථම වරට සොයාගෙන ඇත.

🔴 තත්ත්වය පාලනය කර ඇතත් අවදානම තවමත් පවතී.
නවසීලන්ත ජෛව ආරක්ෂණ අංශ පවසන්නේ මෙය තනි පක්ෂියෙකුගෙන් පමණක් හමුවූවක් වන අතර, තවමත් වන සතුන් අතර විශාල වශයෙන් පැතිරීමක් හෝ ගෘහස්ථ කුකුළු පාලන ගොවිපළවල් කරා වෛරසය ගමන් කර නොමැති බවයි. එම නිසා අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවේ.

🔴 පක්ෂි ලෝකයට එල්ල වන තර්ජනය.
මෙම වෛරසය නවසීලන්තයට දැඩි බලපෑමක් එල්ල කරන්නේ එරටට පමණක් ආවේණික, පියාසර කළ නොහැකි කකාපෝ (kakapo) සහ ටකාහේ (takahe) වැනි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති පක්ෂීන් නිසාය. මෙම අහිංසක පක්ෂීන් රැක ගැනීම සඳහා වනජීවී අංශ දැනටමත් එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කර තිබේ.

🔴 මිනිසුන්ට බලපෑමක් තිබේද?
සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මෙමගින් මිනිසුන්ට වැළඳීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බවයි. කෙසේ වෙතත්, ආරක්ෂක පියවරක් ලෙස පහත උපදෙස් පිළිපදින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී:

‼️ අත නොතබන්න: අසනීප වී ඇති හෝ මියගිය පක්ෂීන් ස්පර්ශ කිරීමෙන් වළකින්න.

‼️ දැනුම් දෙන්න: සැකකටයුතු ලෙස මියගිය පක්ෂීන් හමු වුවහොත් වහාම වනජීවී හෝ සෞඛ්‍ය අංශ වෙත වහාම දැනුම් දෙන්න.

නිසි උපදෙස් පිළිපදිමින් බලධාරින්ට සහයවන්න!

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *