
නවසීලන්තයේ වෙලින්ටන් කලාපයට අයත් Upper Hutt හි Silverstream ප්රදේශයේදී පොලිස් නිලධාරියෙකුගේ පාද උඩින් මෝටර් රථයක් ධාවනය කර, පොලිස් රථයක්ද හප්පා අනතුරට පත්කළ පුද්ගලයෙකු ඊයේ (ජූලි 20) සවස් වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
Hutt Valley Area Commander, පරීක්ෂක වේඩ් ජෙනින්ග්ස් ප්රකාශ කළේ සවස් කාලයේ 3.10 ට පමණ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් Silverstream ප්රදේශයේ තිබී සොරකම් කරන ලද සැකකටයුතු වාහනයක් සොයාගත් බවයි.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සැකකරු පරීක්ෂා කිරීමට යාමේදී, ඔහු ක්ෂණිකව වාහනය පණගන්වා එක් නිලධාරියෙකුගේ පාද මතින් රථය ධාවනය කර තිබේ. එපමණක් නොව, එතැන නවතා තිබූ පොලිස් මුර සංචාරක රථයද සැකකරුගේ රථයෙන් දැඩි ලෙස හප්පා අනතුරට පත්කර ඇත. මෙම අදූරදර්ශී ක්රියාව නිසා පොලිස් රථයට දැඩි හානි සිදු වූ අතර, අදාළ නිලධාරියා සුළු තුවාල ලබා තිබේ.
සැකකරු අධික වේගයෙන් වාහනය ධාවනය කරමින් පලාගිය බැවින්, මහජනතාවගේ ආරක්ෂාව උදෙසා ඔහු පිටුපස හඹා නොයෑමට පොලිසිය තීරණය කළේය. ඒ වෙනුවට, අවට සිටි මහජනතාව දුන් තොරතුරු, අනෙකුත් පොලිස් ඒකක සහ ප්රදේශයේ සවිකර තිබූ CCTV කැමරා දර්ශන ඔස්සේ වාහනය ගමන් කරන දිශාව නිරීක්ෂණය කිරීමට පොලිසිය කටයුතු කළේය.
🔴 කැලෑ වැදුණු සැකකරු කොටුකරගත් සුනඛ මෙහෙයුම.
පසුව සැකකරු විසින් ධාවනය කළ වාහනය අතරමඟ අතහැර දමා පා ගමනින් පලාගොස් තිබුණි. වාහනයේ සිටි තවත් මගියෙකු එම ස්ථානයේදීම පොලිස් භාරයට ගැනීමට හැකි විය.
පලාගිය ප්රධාන රියදුරා සොයා ගැනීම සඳහා පොලිස් නිල සුනඛයෙකු යෙදවූ අතර, සවස 4.00 ට පමණ සැකකරු සැඟව සිටි ස්ථානය සොයා ගැනීමට සුනඛයා සමත් විය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් සුනඛයා සපා කෑම නිසා තුවාල ලැබූ සැකකරුට ගිලන්රථ සේවකයින් විසින් එම ස්ථානයේදීම ප්රථමාධාර ලබා දෙන ලදී.
මෙම අවදානම් සහගත තත්ත්වය ආරක්ෂිතව නිමාවකට පත්කිරීමට තොරතුරු ලබාදෙමින් සහය වූ සියලුම ප්රදේශවාසීන්ට පොලිස් ප්රධානී ජෙනින්ග්ස් සිය ස්තූතිය පුද කළේය. අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව බරපතළ වැරදි රැසක් යටතේ නඩු පවරා ඇති අතර, හෙට දිනයේදී ඔහු උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

0 Comments