← BACKTechnology

කුලියට ඉන්න අයට සහ ගෙවල් හිමියන්ට නව ඩිජිටල් පද්ධතියෙන් ලොකු කරදරයක්🏠⚠️

BY Dhanush•PUBLISHED JULY 28, 2026•1 MIN READ•0 COMMENTS

​නව ඩිජිටල් පද්ධතියක් (Bond Hub) හඳුන්වා දීමත් සමඟ Tenancy Services ආයතනයෙන් සේවාවන් ලබා ගැනීමට යාමේදී කුලී නිවැසියන් සහ ගෙවල් හිමියන් දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටිනවා.

​📌 මොකක්ද මේ ප්‍රශ්නය?

  1. ​දුරකථන ඇමතුම් සීමා කිරීම.
    අධික දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන විට, තවත් ඇමතුම් පද්ධතියට ලබා ගැනීමට නොහැකි වන පරිදි සීමා පනවා (Call Capping) ඇත.
  2. ​ප්‍රමාදයන් සහ Callback නොලැබීම.
    තමන්ගේ Bond එක ලබා ගැනීමට අවශ්‍ය Tenant Number එක ලබා ගැනීමට දින ගණනක් දුරකථන ඇමතුම් ලබා ගැනීමට සිදු වී ඇති අතර, Callback ඉල්ලුම් කළද ඒවා ලැබී නැති බවට පරිශීලකයින් චෝදනා කරයි.
  3. ​ලියාපදිංචි නොවූ ගෙවල් හිමියන්.
    නීත්‍යානුකූලව ඇප මුදල් (Bond) තැන්පත් නොකරන සහ නව ඩිජිටල් පද්ධතියේ ලියාපදිංචි නොවූ ගෙවල් හිමියන් නිසා කුලී නිවැසියන් තවත් අසරණ වී ඇත.

​🗣️ බලධාරීන් කියන්නේ කුමක්ද?

Tenancy Services ප්‍රධානී Kat Watson පවසන්නේ, අතින් සිදුකළ පෝරම පිරවීමේ ක්‍රමය වෙනුවට මෙම නව ඩිජිටල් ක්‍රමය හරහා වඩාත් ඉක්මන් සේවාවක් දීමට බලාපොරොත්තු වූ බවයි.

​නමුත් ජූනි 29 සිට ඩිජිටල් සේවාවන් පුළුල් කිරීමත් සමඟ බලාපොරොත්තු වූවාට වඩා වැඩි ඇමතුම් ප්‍රමාණයක් ලැබී ඇති බවත්, Tenant Number එක ලබා ගැනීම සඳහාම ජූලි 6 වනදා සිට වෙනම දුරකථන අංකයක් හඳුන්වා දුන් බවත් ඇය පවසයි.

​💡 ඔබත් දුරකථන ඇමතුම් ලබා ගන්නවා නම්,

  • ​සඳුදා දිනවල ඇමතුම් ලබා ගැනීමෙන් වළකින්න.
    (සඳුදා උදෑසන සතියේ වැඩිම තදබදයක් පවතින කාලයයි.)
  • ​Tenant Number ලබා ගැනීමට විනාඩි 10 කට වඩා පෝලිමේ සිටීමට සිදු නොවන පරිදි පද්ධතිය සකසා ඇති බව ආයතනය පවසයි.
  • ​තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්න හැදුවත්, තවමත් පද්ධතියේ ඇති ගැටලු නිසා කුලී නිවැසියන් මෙන්ම ගෙවල් හිමියන්ද දැඩි ලෙස අසන්තුෂ්ටියට පත්ව සිටිති.

​👉 මේ ගැන ඔබ මොකද හිතන්නේ?
Comment එකක් දාගෙන යන්න💬👇

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *