
නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් (Christopher Luxon) සිය නායකත්වය පිළිබඳව හටගෙන ඇති අභ්‍යන්තර අර්බුදය නිරාකරණය කරගැනීම සඳහා පාලක නැෂනල් පක්ෂ (National Party) පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ (caucus) හදිසි රැස්වීමක් කැඳවා තිබේ. සති ගණනාවක් පුරා පැවැති දේශපාලන බලපෑම්, පහත වැටුණු ජනප්‍රියතාව සහ නායකත්වයට එරෙහිව පැන නැඟුණු කටකතා හමුවේ, සිය ධුරයේ ස්ථාවරත්වය තහවුරු කරගැනීම සහ පක්ෂයේ විනය රැකගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත.
මෑතකදී ක්‍රියාත්මක කළ ඇතැම් ප්‍රතිපත්ති සහ පවතින ආර්ථික අභියෝග හමුවේ ආණ්ඩුපක්ෂයේ මැති ඇමැතිවරුන් අතර ඇති වූ නොසන්සුන්තාව මෙලෙස නායකත්ව අර්බුදයක් දක්වා වර්ධනය වී තිබේ. ඉදිරි පාර්ලිමේන්තු කටයුතුවලට පෙර පවතින අවිනිශ්චිතතාව අවසන් කළ යුතු බව පවසන ලක්සන්, අභ්‍යන්තර ගැටුම් පසෙකලා රටේ ප්‍රමුඛතාවන්ට අවධානය යොමුකිරීමට මන්ත්‍රීවරුන් එක්විය යුතු බව අවධාරණය කළේය. මෙම හදිසි හමුවේදී ගන්නා තීරණය අග්‍රාමාත්‍යවරයාගේ ඉදිරි දේශපාලන ගමන මෙන්ම නවසීලන්ත හවුල් ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම තීරණය කරන තීරණාත්මක සාධකයක් වනු ඇත.
ඔබගේ කියවීමට අනුව ජාතික පක්ෂයේ නායකත්වය සදහා සුදුසු වෙනස් පුද්ගලයෙක් සිටීද?

0 Comments