
සති අන්තයේ එළිමහන් කටයුතුවල නිරත වීමට සැලසුම් කර සිටින නවසීලන්ත වැසියන්ට තම සැලසුම් වෙනස් කිරීමට සිදුවන බවට කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවයි. ටස්මන් මුහුද දෙසින් පැමිණෙන පීඩන අවපාතයක් හේතුවෙන් දිවයින පුරා තද වැසි, ඍණාත්මක උෂ්ණත්වයන් සහ කඳුකර ප්‍රදේශවලට හිම පතනය විය හැකි බව MetService කාලගුණ විද්‍යා ආයතනය පවසයි. උතුරු දිවයිනෙන් ආරම්භ වන මෙම වෙනස් වීමත් සමග, උතුරු දෙසින් හමන තෙතමනය සහිත සුළං සහ අඩු පීඩන කලාපය එක්වීම නිසා Bay of Plenty සහ Gisborne යන ප්‍රදේශවලට මිලිමීටර් 90 සිට 120 දක්වා තද වැසි ඇදහැලිය හැකි අතර, නායයෑම් සහ ජල ගැලීම් පිළිබඳව ද දැඩි අවධානයෙන් පසුවන ලෙස රියදුරන්ට උපදෙස් දී තිබේ.
Auckland සහ Waikato ඇතුළු උතුරු දිවයිනේ නගර රැසක උදෑසන කාලයේ දැඩි මිහිදුම් තත්ත්වයක් පවතින අතර, සති අන්තය වන විට දකුණු දිවයින දෙසින් පැමිණෙන අධික ශීතල සුළං ධාරාව හේතුවෙන් සිසිල් කාලගුණයක් නිර්මාණය වනු ඇත. දකුණු දිවයිනට සිකුරාදා දින තාවකාලික යහපත් කාලගුණයක් පැවතිය ද සෙනසුරාදා සිට උෂ්ණත්වය ශීඝ්‍රයෙන් පහත වැටී කඳුකර මාර්ග වෙත පහත් මට්ටමින් හිම පතනය වීමට නියමිත අතර Canterbury සහ Otago අභ්‍යන්තර ප්‍රදේශවල රාත්‍රී කාලයේදී දැඩි මීදුම සහ හිම මිදී යාම දැකගත හැකි වනු ඇත. ඉදිරි දින කිහිපයේ ගමන් බිමන්වල යෙදෙන සියලු දෙනා යාවත්කාලීන වන කාලගුණ වාර්තා පිළිබඳ සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යාඥයෝ ඉල්ලා සිටිති.
කාළගුණ තොරතුරු පිළිබදව ඔබේ හිතවතුන් දැනුවත් කරන්න.

0 Comments