← BACKWeather

අතුරුදහන් වූ දහස් ගණනක් වෙනුවෙන් පහන් දැල්වූ ඕක්ලන්ඩ් වැසියන්!

BY DhanushPUBLISHED AUGUST 29, 20261 MIN READ0 COMMENTS

නේපාලයේ හටගත් විනාශකාරී ක්ෂණික ගංවතුරින් අතුරුදහන් වූ දහස් සංඛ්‍යාත පිරිස අතරින් තවමත් ආශ්චර්යමත් ලෙස ජීවිත බේරාගැනීමේ බලාපොරොත්තු අතනොහැරිය යුතු බවත්, ඕනෑම මොහොතක සහන සැලසීමට නවසීලන්තය සූදානම් බවත් එරට හදිසි නීති කටයුතු පිළිබඳ අමාත්‍ය මාර්ක් මිට්චෙල් ප්‍රකාශ කර සිටියි.

ඕක්ලන්ඩ් හි ඕටෙරෝවා චතුරස්‍රයේදී පැවැති පහන් දැල්වීමේ ගුණසමරු උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අර්බුදකාරී අවස්ථාවේදී නවසීලන්තය නේපාලය සමඟ එකට නැගී සිටින අතර, විධිමත් ඉල්ලීමක් ලද වහාම ක්‍රියාත්මක වීම සඳහා එරට ක්ෂණික ප්‍රතිචාර දක්වන සහන කණ්ඩායම් සුදානමින් තබා ඇති බවයි. මේ වන විට අධික වර්ෂාව හේතුවෙන් හටගත් මහ ගංවතුර සහ නායයෑම් නිසා පුද්ගලයින් 600 කට වැඩි පිරිසක් මියගොස් තවත් 3000 කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති අතර, මඩ අතරින් ජීවතුන් අතර සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.

මෙම ශෝකජනක අවස්ථාවට එක්වූ ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලිසා ලී මහත්මියද දැඩි සංවේගයෙන් අදහස් දක්වමින් කියා සිටියේ විදේශගතව සිටින නේපාල වැසියන්ගේ විපත හමුවේ සමස්ත නවසීලන්ත වැසියන්ද එම වේදනාව එකසේ විඳගන්නා බවත්, අතුරුදහන් වූවන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බවත්ය.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *