← BACKPolitics

නවසීලන්තයෙන් නවතම මතවිමසුමක්!

BY DhanushPUBLISHED SEPTEMBER 7, 20261 MIN READ0 COMMENTS

ඉදිරි මහ මැතිවරණයට දින ලංවත්ම නවසීලන්තයේ දේශපාලන කරළිය උණුසුම් කරමින්, මෙරට ඡන්දදායකයින්ගෙන් අඩකට ආසන්න පිරිසකගේ ඡන්දය තීරණය කරන ප්‍රධානතම සාධකය බවට ජීවන වියදම සහ ආර්ථික පීඩනය පත්ව තිබේ. Stuff පුවත් සේවය විසින් දීපව්‍යාප්තව පවත්වන ලද නවතම මතවිමසුමකට අනුව, සමීක්ෂණයට ලක්වූ ඡන්දදායකයින්ගෙන් 48% ක්ම සඳහන් කර ඇත්තේ ඉහළ යන බඩු මිල, ගෘහස්ථ බිල්පත් සහ උද්ධමනය හමුවේ තමන් මෙවර ඡන්දය භාවිත කරන්නේ ආර්ථික සහන ලබාදෙන පක්ෂය වෙනුවෙන් බවයි.

ජනතාවගේ පාරිභෝගික ශක්තිය පහත වැටීම සහ වේගවත් ජීවන වියදම් හමුවේ සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට යමින් ජනතාව ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති අතර, සෞඛ්‍ය සේවාවල ප්‍රමිතිය, මහජන ආරක්ෂාව සහ යටිතල පහසුකම් යන ක්ෂේත්‍රද ඡන්දදායකයින්ගේ අවධානයට ලක්වී ඇත.

තවමත් තීරණයක් ගෙන නොමැති බහුතරයක් ඡන්දදායකයින්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා ආණ්ඩුපක්ෂය මෙන්ම විපක්ෂයද ප්‍රායෝගික ආර්ථික වැඩපිළිවෙලවල් ඉදිරිපත් කිරීමට දැඩි උත්සාහයක නිරත වන අතර, එළඹෙන මැතිවරණයේ ජයග්‍රහණය තීරණය වනු ඇත්තේ ජනතාවගේ මූල්‍ය පීඩනයට සහන සලසන පාර්ශ්වය මතය.

එළඹෙන මැතිවරණයේ ඡන්ද භාවිතය ගැන ඔබේ අදහසත් මේකමද?

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *