
නවසීලන්තයේ ඉදිරි මැතිවරණ ව්‍යාපාරය නිල වශයෙන් ආරම්භ කරමින් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ නායකයින් දෙපළ වන ක්‍රිස් හිප්කින්ස් සහ අගමැති ක්‍රිස්ටෝෆර් ලක්සන් ඕක්ලන්ඩ් නුවරදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කර තිබේ. කම්කරු පක්ෂයේ (Labour Party) නායක ක්‍රිස් හිප්කින්ස් විසින් තරුණ ඡන්දදායකයින් ආකර්ෂණය කරගැනීමේ සහ දේශීය උපාධිධාරීන් විදේශගත වීම වැළැක්වීමේ අරමුණින් සිසු ණයවලින් 10%ක් කපා හැරීමේ සහන යෝජනාවක් ඉදිරිපත් කළේය. වසර තුනක් රට තුළ සේවය කරන හෝ නවසීලන්තයේ රැඳී සිටින උපාධිධාරීන්ගේ ණය බර අඩු කිරීම මගින් තරුණ පරපුරට රට තුළ යහපත් අනාගතයක් ගොඩනගා ගැනීමට මගපෑදෙන බව හිප්කින්ස් පෙන්වා දුන්නේය.
ඊට සමාන්තරව ජාතික පක්ෂයේ (National Party) නායක අගමැති ක්‍රිස්ටෝෆර් ලක්සන් කරුණු 10කින් සමන්විත ප්‍රතිපත්ති කාඩ්පතක් (pledge card) එළිදක්වමින් සිය මැතිවරණ ප්‍රචාරණය ඇරඹූ අතර, එහිදී රාජ්‍ය වියදම් පාලනය, බදු සහන සහ ආර්ථික වර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබුණි. කම්කරු පක්ෂයේ සිසු ණය කපා හැරීමේ යෝජනාව දැඩි ලෙස විවේචනය කළ ජාතික පක්ෂය සහ පෞද්ගලික අංශයේ නිරීක්ෂකයන්, එය සාමාන්‍ය බදු ගෙවන්නන්ගේ මුදලින් ලබාදෙන දේශපාලන අල්ලසක් ලෙස හඳුන්වා දුන්නේය. එක් පසෙකින් තරුණ පරපුර උදෙසා සෘජු මූල්‍ය සහන ලබාදීමට කම්කරු පක්ෂය උත්සාහ කරන අතර, අනිත් පසින් විධිමත් ආර්ථික කළමනාකරණය හරහා ජීවන වියදම පාලනය කිරීමට ජාතික පක්ෂය උත්සාහ කිරීම හමුවේ නවසීලන්ත ඡන්දදායකයින්ට ප්‍රබල දේශපාලන තේරීමක් නිර්මාණය වී ඇත.

0 Comments