
නවසීලන්තයේ පැවැත්වීමට නියමිත 2026 මහා මැතිවරණය වෙනුවෙන් ක්‍රයිස්ට්චර්ච් (Christchurch) හි ජනප්‍රිය අතුරුපස ආයතනයක් වන ‘රොලිකින් ජෙලාටෝ’ (Rollickin’ Gelato) විසින් දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි සකස් කළ අලුත්ම ජෙලාටෝ (Gelato) අයිස්ක්‍රීම් වර්ග පෙළක් හඳුන්වා දී තිබේ.
සැප්තැම්බර් 30 වන දින සිට කැෂල් ස්ට්‍රීට් (Cashel Street), නිව් රීජන්ට් ස්ට්‍රීට් (New Regent Street) සහ රිකාටන් (Riccarton) යන වෙළඳසැල් තුනෙහිම ආරම්භ කර ඇති මෙම අපූරු “ස්කූප් පොල්” (Scoop Poll) නමැති ජනමත විචාරණයේදී, පාරිභෝගිකයන් මිලදී ගන්නා සෑම ජෙලාටෝ හැන්දක්ම අදාළ දේශපාලන පක්ෂයට ලැබෙන ඡන්දයක් ලෙස ගණන් ගැනේ.
ජාතික පක්ෂය වෙනුවෙන් බ්ලූබෙරි චීස්කේක් රසයෙන්ද, කම්කරු පක්ෂ නායක ක්‍රිස් හිප්කින්ස් වෙනුවෙන් “ඔරේන්ජ් චොක් චිපි” රසයෙන්ද, එසේම නිව්සීලන්ඩ් ෆස්ට් පක්ෂය වෙනුවෙන් ලිකරීස් සහ විලියම්ස් ඕල්සෝට් රසයෙන්ද ප්‍රධාන දේශපාලන පක්ෂ හතක් උදෙසා මෙලෙස විශේෂ ජෙලාටෝ වර්ග නිපදවා ඇත.
මෙම ඡන්ද ප්‍රතිඵල දිනපතා වෙළඳසැල්වල පුවරුවල සහ වෙබ් අඩවියේ සජීවීව ප්‍රකාශයට පත්කරන අතර, යම් හෙයකින් දේශපාලන පක්ෂ නායකයෙකු මෙම ආයතනයකට පැමිණියහොත් එම පක්ෂයේ ජෙලාටෝ රසය පැයක් පුරා නොමිලේ ලබාදීමටද පියවර ගෙන තිබේ. තරුණ ප්‍රජාව සහ විශ්වවිද්‍යාල සිසුන් දේශපාලනය කෙරෙහි උනන්දු කරවීම අරමුණු කරගනිමින් සංවිධානය කර ඇති මෙම රසවත් මනාප ලබාදීමේ වැඩසටහන, මැතිවරණ සමයේ ජනතාව අතර විශාල ජනප්‍රියතාවක් දිනා ගැනීමට සමත්ව ඇත.

0 Comments