
ඊයේ රාත්‍රියේ පැවති ප්‍රසංගය ගැන ලියන්නට වෙන්නේ ඉතාමත් කණගාටුවෙන්.
$70 ක් වැනි මුදලක් ගෙවා අප ප්‍රවේශපත්‍ර ලබාගත්තේ ගායන ශිල්පීන්ගේ දක්ෂතාවය අගයමින් සැබෑ සංගීතමය අත්දැකීමක් විඳගන්නටයි. නමුත් අපට උරුම වූයේ කන් අඩි පැලෙන ඝෝෂාවක් පමණි! ![]()
![]()
අපි සිටි Balcony එකට කිසිදු ගීතයක පද මාලාවක් හෝ සංගීත ඛණ්ඩයක් පැහැදිලිව ඇසුණේ නැහැ. තිබුණේ දරාගත නොහැකි ශබ්දයක් පමණයි.
ඇයි මේ ගැන නිහඬව සිටිය නොහැක්කේ?
1. අසන්නන් 1,500කගේ අපේක්ෂා:
1,500ක් පමණ වූ පිරිසක් එකම බලාපොරොත්තුවෙන් ආවත්, එයින් බහුතරයකට ඇසුණේ ඝෝෂාව පමණයි.
2. සංවිධායකයින්ගේ නිහඬ පිළිවෙත:
බොහෝ පිරිසක් මේ ශබ්ද පරිපාලනයේ (Sound Quality) අඩුව ගැන සංවිධායක මණ්ඩලයට පැමිණිලි කළත්, අවසානය දක්වා කිසිදු වෙනසක් හෝ විසඳුමක් ලැබුණේ නැහැ.
3. කලාකරුවන්ට කරන නිග්‍රහයක්:
ගායක ගායිකාවන්ගේ දක්ෂතාවයට නියම වටිනාකමක් ලැබෙන්නේ රසිකයාට එය නිවැරදිව ශ්‍රවණය වූ විටයි. මෙවැනි දුර්වල සංවිධාන ශක්තියකින් ඔවුන්ගේ දක්ෂතාවයත් හෑල්ලුවට ලක් වෙනවා. ![]()
![]()
මීට පෙරත් කිහිප වතාවක්ම මෙවැනි අත්දැකීම්වලට මුහුණ දී ඇති නිසා මෙවර මේ ගැන ලියන්නට තීරණය කළා.
”මතක තබා ගන්න, අද සෙනඟින් පිරී ඉතිරී ගිය ශාලාවන්, මෙවැනි අත්තනෝමතික සහ වගකීම් විරහිත වැඩ නිසා හෙට දිනයේ හිස්ව පවතින්නට පුළුවන්.”
රසිකයන් ලෙස අප ලබා දෙන මුදලටත්, කාලයටත්, අපේ ආදරයටත් මීට වඩා වගකීමක් සංවිධායක මණ්ඩලය දැරිය යුතුයි. ![]()
![]()
මෙය Auckland හැන්දෑවක බලන්න ගියපු Sandya Nilmini Facebook හි ලියූ සටහනක් ඇසුරින් උපුටා ගැනීමක්.
අපි මේ සම්බන්ධයෙන් ප්‍රසංග සංවිධායකවරයාගෙන් විමසීමක් කරා.
ඔහු කියූ අදහස් ඔබට මීළඟට කියන්නම්.
ඇත්තටම Auckland හැන්දෑවක කොහොමද?
බලන්න ගියපු අය අදහස් පහළින් ලියන්න.

0 Comments