← BACKWeather

නවසීලන්තයේ සුනාමි අනතුරු ඇගවීම් සදහා නව වැඩපිළිවෙළක් හදුන්වා දෙයි.

BY Dhanush•PUBLISHED MARCH 10, 2026•1 MIN READ•0 COMMENTS

🇳🇿නවසීලන්තයේ MetService සහ National Emergency Management Agency (NEMA) එක්ව නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති අතර, එහි අරමුණ tsunami අවදානමක් ඇති අවස්ථාවලදී මහජනතාවට ඉක්මනින් හා පැහැදිලිව තොරතුරු ලබාදීම වේ.

🌊 නව ක්‍රමය කුමක්ද?

මෙම වැඩසටහන අනුව,

* NEMA විසින් tsunami warning හෝ advisory නිකුත් කළ විට

* MetService වෙබ් අඩවිය සහ එහි ඩිජිටල් සේවා මත ස්වයංක්‍රීය “tsunami warning banner” එකක් දිස්වනු ඇත.

එමගින් මහජනතාවට අවදානම ගැන දැනගැනීම වඩා ඉක්මනින් සිදු කරගත හැකි බව බලධාරීන් පවසයි.

📢 වැඩි පිරිසකට එකවර අනතුරු ඇඟවීම්.

* නවසීලන්තය පුරා 500කට වැඩි ඩිජිටල් බිල්බෝඩ් (digital billboards) වලින් හදිසි අනතුරු ඇඟවීම් ප්‍රදර්ශනය කිරීමට හැකි වනු ඇත.

* මෙය weather warnings, emergency alerts සහ tsunami notices වැනි තොරතුරු මහජනතාවට දැනුම් දීමට භාවිතා කරයි.

⚠️ මෙය වැදගත් ඇයි?

Tsunami අනතුරු ඇඟවීම් මිනිත්තු කිහිපයක් ඇතුළත ජනතාවට ලැබීම ජීවිත රැක ගැනීමට ඉතා වැදගත්.�NEMA අනුව, tsunami අනතුරු ඇඟවීමක් ලැබුණ විට එය Civil Defence, emergency services, media සහ මහජනතාවටඉක්මනින් බෙදාහරිනු ලබයි.

🛟 ජනතාවට දෙන පණිවිඩය

අධිකාරීන් පවසන්නේ:

* tsunami warning එකක් නිකුත් වූ විට

* සමීප වෙරළ ප්‍රදේශවල සිටින අය ඉක්මනින් උස ප්‍රදේශවලට හෝ අභ්‍යන්තරයට යාම වැදගත් බවයි.

නව සැලසුම් සහ ක්‍රියාමාර්ග තුළින් ජනතාවගේ ජීවිත ආරක්ෂාව පිළිබද වැඩි දුරටත් සිතාබලා ඇත.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *