
ඉරානය කියන්නේ කවියන්, රෝස මල් සහ සැෆ්රන් සුවඳින් පිරුණු පැරණිම සහ සංස්කෘතියක රටක්. එය ලෝකයේ ඓතිහාසික ජනාවාස වලින් එකක් ලෙසද සැලකෙනවා.
මෙම සම්ප්‍රදාය තුළ ඉරාන කාන්තාවන්ගේ අලංකාරය, බුද්ධිය සහ ශක්තිය සියවස් ගණනාවක් පුරා කවි, කලාව සහ සංස්කෘතිය තුළ ප්‍රශංසාවට ලක් වුනා.
එහෙත් අද ලෝකය පුරා පැවැත්වෙන අන්තර්ජාතික රූ රැජින තරගවලදී ඉරාන කාන්තාවන්ගේ නාමය ඔබ දැකතිබේද? එය ඔවුන්ගේ රූමත්බවේ අඩුවක් නිසා නම් නොවෙයි, ඔවුන් වටා බැදී ඇති දේශපාලන සහ නීතිමය සීමාවන් නිසායි.
🌹 පුරාණ සංස්කෘතියෙන් උරුම වූ රූමත් බව.
ඉරාන කාන්තාවන්ගේ රූපලාවන්‍යය ගැන පර්සියානු කවිවලත් කලා කෘතිවලත් බොහෝවිට සඳහන් වෙනවා.
පර්සියානු කවියන් විශේෂයෙන් විස්තර කරන්නේ ඉරාන කාන්තාවන්ගේ;
👁️ ආමන්ඩ් හැඩයේ ඇස්
😊 ඉහළ කම්මුල් සහ මුහුණේ සුන්දර ව්‍යුහය
🖤 කළු පැහැති දිගු කොණ්ඩය
🌿 ඔලිව් පැහැති දීප්තිමත් සම
ඉරාන කාන්තාවන් රූපලාවන්‍යයෙන් පමණක් නොව, උගත්කම සහ කලා හැකියාවන්ගෙන්ද ඉහළයි. ඉරානය මැදපෙරදිග රටවල් අතර කාන්තා විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍රමාණය ඉතා ඉහළ රටක් ලෙසද සැලකේ.
🕰️ 1979 ඉස්ලාම් විප්ලවයෙන් පසු වෙනස් වූ සම්ප්‍රදාය.
1970 දශකය තුළ ඉරානය නවීන සංස්කෘතියක් සහ විලාසිතා වලින් පිරි ජීවිතයක් තිබූ රටක් විය.
👉🏻ඔවුන් අවසන් “Miss Iran” තරගය පැවැත්වූයේ 1978 දීය.
👉🏻 නමුත් 1979 දී සිදු වූ ඉරාන ඉස්ලාමීය විප්ලවයෙන් පසු එවැනි තරග සදහටම නතර විය.
ඉන්පසු:
👗 ඉරාන කාන්තාවන්ට hijab පැළඳීම අනිවාර්ය විය.
👚 හිස ආවරණය සහ ලූස් ඇඳුම් පොදු ස්ථානවල පැළඳිය යුතු විය.
ඒ නිසා බිකිනි සහ evening gown වැනි කොටස් අඩංගු අන්තර්ජාතික රූ රැජින තරගවලට ඉරාන කාන්තාවන්ට නිල වශයෙන් සහභාගී වීම තහනම් විය.
⚖️ නීති සහ දේශපාලන සීමාවන්
මෙම සීමාවන් සංස්කෘතික පුරුද්දක් පමණක් නොව නීතිමය නියෝගයක් ලෙසද පවතී.
ඉරානයේ නීති අනුව:
👉🏻hijab නොපැළඳීම අපරාධයක් ලෙස සැලකිය හැක.
👉🏻නීතිය උල්ලංඝනය කරන කාන්තාවන්ට
💰 දඩමුදල්
⛓️ සිර දඬුවම්
🚫 ගමන් තහනම්
📚 අධ්‍යාපන සහ රැකියා සීමා
වැනි දඩුවම් ලැබිය හැකිය.
ඒ නිසා අන්තර්ජාතික රූ රැජින තරගයක හිස ආවරණය නොමැතිව ඉදිරිපත් වීම කාන්තාවකට නීතිමය අවදානමක් ඇති කරයි.
🌍 විදේශ රටවල සිටින ඉරාන කාන්තාවන්ගේ සාර්ථකත්වය.
ඉරානය තුළ සීමා තිබුණද විදේශ රටවල ජීවත්වන ඉරාන සම්භවය ඇති කාන්තාවන් රූ රැජින තරගවලට සහභාගී වී සාර්ථක ජයග්‍රහණය ලබාගෙන ඇත..
උදාහරණ ලෙස:
👑 Sahar Biniaz – Miss Universe Canada 2012
👑 Shermineh Shahrivar – Miss Germany සහ Miss Europe
මෙවැනි කාන්තාවන් තම පර්සියානු උරුමය ගෞරවයෙන් නිරූපණය කරමින් ලෝකයට ඉරාන සුන්දරත්වය හඳුන්වා දී ඇත.
මීට අමතරව විදෙස් රටවල සංවිධාන කිහිපයක් “Miss Iran” වැනි තරග diaspora අතර සංවිධානය කරමින් ඉරාන කාන්තාවන්ට වේදිකාවක් ලබා දෙමින් සිටියි.
✊ නව පරපුරේ විරෝධය.
මේ වනවිට ඉරානය තුළ කාන්තාවන් මෙම සීමාවන්ට විරුද්ධව හඬ නැගීමට පටන් ගෙන ඇත.
👉🏻2022 දී Mahsa Amini නම් තරුණිය පොලිස් අත්අඩංගුවේදී මිය යාමෙන් පසු:
“Woman, Life, Freedom” යන සටන් පාඨය යටතේ
රට පුරා විශාල ජනතා විරෝධතා පැවැත්විණි.
👉🏻2025 වන විට:
සමහර නගරවල hijab නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක නොවීම
Tehran Fashion Week වැනි විලාසිතා තරග ආරම්භ වීම
වැනි වෙනස්කම්ද දැකිය හැකි බව වාර්තා වේ.
🌎 කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනයක්ද?
කාන්තා අයිතිවාසිකම් ගැන කටයුතු කරන සංවිධාන පවසන්නේ:
👉🏻ඉරානයේ කාන්තා අයිතිවාසිකම් බොහෝ ක්ෂේත්‍රවල සීමා වී ඇති බවයි.
👉🏻 ඔවුන්ට විවාහය, උරුමය, රැකියා, ඇඳුම් තේරීම වැනි කරුණු තුළ බරපතල සීමා පවතින බවයි.
මේ හා සමානව ලෝකය පුරා කාන්තා අයිතිවාසිකම් සම්බන්ධ සංවාදයන් තවදුරටත් වැඩිවෙමින් පවතී.
ඉරාන කාන්තාවන්ගේ ශක්තිය, උගත්කම සහ නිදහස දේශපාලනයෙන් සහ නීතියෙන් සීමා කිරීම ගැන ඔබ මොකද හිතන්නෙ?

0 Comments