
ලෝකය මුහුණ දෙන භයානක අවදානම ගැන විද්‍යාත්මක විශ්ලේෂණයක්
ලෝකයේ විශාල න්‍යෂ්ටික යුද්ධයක් සිදු වුවහොත් තම රටේ ජනතාව බේරාගෙන නොනැසී ජීවත් විය හැකි රටවල් මොනවාද? යන්න පිළිබඳව 2026 දී නිකුත් කළ විද්‍යාත්මක හා භූ-දේශපාලනික විශ්ලේෂණයකින් වැදගත් කරුණු හෙළි කරයි.
මෙම අධ්‍යයනයෙන් පෙන්වන්නේ රටක භූගෝලීය ස්ථානය, දේශපාලනික ස්වාධීනත්වය, ආහාර සහ ජලය සපයන හැකියාව, සහ ජනගහන ඝනත්වය යන කරුණු න්‍යෂ්ටික විනාශයකට පසු ජීවිතය රැක ගැනීමට ඉතා වැදගත් බවයි.
☢️ න්‍යෂ්ටික යුද්ධයක අවදානම කුමක්ද?
යුද්ධය වර්ග දෙකකින් සිදුවිය හැක
1️⃣ ප්‍රාදේශීය න්‍යෂ්ටික යුද්ධයක්
උදාහරණයක් ලෙස ඉන්දියාව හා පකිස්ථානය අතර යුද්ධයක් සිදු වුවහොත් දකුණු ආසියාවට විශාල බලපෑමක් ඇතිවිය හැක.
2️⃣ විශාල ජාත්‍යන්තර න්‍යෂ්ටික යුද්ධයක්
ඇමරිකාව හා රුසියාව අතර යුද්ධයක් ඇතිවුවහොත් එය ලෝකයේ බහුතරයට බලපාන “නියුක්ලියර් වින්ටර්” (Nuclear Winter) නම් තත්ත්වයක් ඇති කළ හැක.
🌱 න්‍යෂ්ටික විනාශයකින් පසු ජීවිතය රැක ගැනීමට වැදගත් කරුණු මොනවාද?
විද්‍යාඥයින්ට අනුව පහත කරුණු ඉතා වැදගත්ය.
🌍 භූගෝලීය දුරස්ථභාවය – ප්‍රධාන න්‍යෂ්ටික ඉලක්ක වලින් දුරින් සිටීම.
🕊 දේශපාලනික මධ්‍යස්ථභාවය – යුද්ධයට සම්බන්ධ නොවීම.
🌾 ආහාර හා ජල ස්වයංපෝෂිතතාව.
👨👩👧 අඩු ජනගහන ඝනත්වය.
⚡ ස්ථාවර ආණ්ඩු හා ශක්තිමත් යටිතල පහසුකම්.
🌏 දකුණු අර්ධගෝලයේ පිහිටීම (Northern Hemisphere fallout අඩු වීම)
🛡️ න්‍යෂ්ටික යුද්ධයකදී වඩාත් ආරක්ෂිත ලෙස සැලකෙන රටවල් මොනාවද?
🇳🇿 නවසීලන්තය
විද්‍යාත්මක අධ්‍යයන අනුව න්‍යෂ්ටික යුද්ධයකදී ජීවිතය දිගටම පවත්වා ගැනීමට වඩාත් සුදුසු රටක් ලෙස නවසීලන්තය සලකයි.
එහි විශේෂ ලක්ෂණ;
👉🏻න්‍යෂ්ටික අවි සම්පූර්ණ නීතියෙන් තහනම් වීම.
👉🏻දූපත් රටක් – ලෝකයේ බොහෝ යුධ ඉලක්ක වලින් දුරස්.
👉🏻කිරි, මස්, මාළු සහ කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩි වීම.
👉🏻විදුලියේ බොහෝ කොටසක් නවීකරණ ශක්තියෙන්.
👉🏻ආහාර සුරක්ෂිතතාව අතින් ලෝකයේ ඉහළම රටවල් වලින් එකක් ලෙසද නවසීලන්තය සැලකේ.
🇦🇺 ඔස්ට්‍රේලියාව
ඔස්ට්‍රේලියාව න්‍යෂ්ටික යුද්ධයකදී ලෝකයේ වඩාත් ආරක්ෂිත රටක් ලෙස බොහෝ අධ්‍යයනවල සඳහන් වේ.
එයට ප්‍රධාන හේතු වන්නේ,
👉🏻දකුණු අර්ධගෝලයේ පිහිටීම
👉🏻විශාල කෘෂිකාර්මික නිෂ්පාදනය (ගොවිතැන, මස්, මුහුදු ආහාර)
👉🏻ජනගහනය අඩු වීම
👉🏻ස්ථාවර ආණ්ඩු පද්ධතිය
මෙය තම ජනතාවට අවශ්‍ය ආහාරය කිහිප ගුණයකින් සැපයීමට හැකි රටකි.
🇮🇸 අයිස්ලන්තය
අයිස්ලන්තය උතුරු අර්ධගෝලයේ තිබුණත් විශේෂ ආරක්ෂිත ලක්ෂණ කිහිපයක් ඇත.
👉🏻100%කට ආසන්න විදුලිය geothermal සහ hydro energy වීම.
👉🏻ජනගහනය ඉතා අඩු (ලක්ෂ 4කට අඩු)
👉🏻දූපත් රටක් – බොහෝ යුධ ඉලක්ක වලින් දුරස්.
👉🏻ධීවර කර්මාන්තය ශක්තිමත්
ඉන්ධන ආනයනය අවශ්‍ය නොවීම මෙහි විශාල වාසියක්.
🇦🇷 ආර්ජන්ටිනාව
දකුණු ඇමරිකාවේ පිහිටි ආර්ජන්ටිනාවද කෘෂිකාර්මික බලය නිසා ආරක්ෂිත රටක් ලෙස සලකයි.
👉🏻සෝයා, ගෝධුම, බීෆ් වැනි ආහාර නිෂ්පාදනය විශාල වීම
👉🏻න්‍යෂ්ටික අවි නොමැති රටක් වීම
👉🏻විශාල භූමි ප්‍රමාණය සහ ජල සම්පත් පිහිටීම
මෙය ලෝකයේ ප්‍රධාන ආහාර අපනයන රටක් ලෙසද ප්‍රසිද්ධය.
🇨🇭ස්විට්සර්ලන්තය
මෙය හේතු කිහිපයක් නිසා විද්‍යාඥයන් ආරක්ෂිත රටක් ලෙස සළකනවා.විශේෂම දෙය භූගෝලීය පිහිටීමයි.
👉🏻 රටේ ජනගහනයට වඩා වැඩි පිරිසක්ට පවා යන්න පුළුවන් underground bunkers තියෙනවා. (Nuclear attack එකක් වෙලා radiation ආවත් මේවා ඇතුළේ ජීවත් වෙන්න පුළුවන්)
👉🏻 භූගෝලික ආරක්ෂාව (Mountains protection)
👉🏻 Neutral country (යුද්ධ වලට සාමාන්‍යයෙන් සම්බන්ධ වෙන්නේ නැහැ)
👉🏻තිරසාර සංවර්ධනයක් තියන පොහොසත් හා ශක්තිමත් රටක්.
ස්විට්සර්ලන්තය ලෝකයේ හොදම planning තියන රටක් කියලා කියනවා. සීතල යුධ සමයේම න්‍යෂ්ටික යුද්ධය ගැන plan කරලා bunkers ඉදිකරල තියෙනවා.
❄️ “Nuclear Winter” – ලෝකයට ඇති විශාලතම අවදානම
විද්‍යාත්මක අධ්‍යයන අනුව න්‍යෂ්ටික යුද්ධයකින් පසු:
👉🏻ලෝක උෂ්ණත්වය 10°C පමණ අඩු විය හැක.
👉🏻කෘෂිකාර්මික නිෂ්පාදනය 90% දක්වා පහත වැටිය හැක.
👉🏻ලෝක ආහාර හිඟයක් ඇතිවිය හැක.
එම නිසා ආහාර ස්වයංපෝෂිතතාව ඇති රටවල් වඩාත් ආරක්ෂිතය.
කෙසේ වෙතත් විද්‍යාඥයින් පැහැදිලි කරන්නේ ලෝක මට්ටමේ න්‍යෂ්ටික යුද්ධයකදී 100%ක් ආරක්ෂිත කිසිදු රටක් නොමැති බවයි.
න්‍යෂ්ටික යුද්ධයකට කලින් ඔබට යන්න අවස්ථාවක් ලැබුණොත් මේ රටවල් 5 අතරින් ඔබ තෝරගන්නෙ මොන රටද?

0 Comments