
(ලෝකයේ සම්බාධක වැඩිම රටක්, අද ලෝකයම නතර කළ රටක්)
අද ලෝක දේශපාලනයේ වැඩිම වාර ගණනක් සම්බාධකවලට ලක්වූ රටක් නම් ඒ ඉරානයයි. ඇමරිකාව, යුරෝපා රටවල් සහ බටහිර බලවේග රැසක් පීඩනය එල්ල කළත්, ඉරානය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්නේ නැති රටක් ලෙස ඉතිහාසයේ සිටිම පෙනී සිටී.
එයට හේතු ගණනාවක් තිබේ.
ඉරානයේ;
සම්පත්
ඉතිහාසය
සංස්කෘතිය
ජාතික ගෞරවය
සහ අසමසම ධෛර්යය
මේ සියල්ල එකට එකතු වෙලා ඉරානය අදත් තනිව හිටගන්න පුළුවන් රටක් කියල ඔප්පු කරල තියෙනවා.
බලගතු පර්සියානු ඉතිහාසය – ලෝකයේ පැරණිම ශක්තිමත් රාජ්‍යයක්…
ඉරානය කියන්නේ ඊශ්‍රායලය වගේ තවත් අලුත් රටක් නෙවෙයි. එය පුරාණ Persian Empire උරුමය හා දීර්ඝ ඉතිහාසයක් තියෙන රටක්.
පර්සියානු අධිරාජ්‍යය ආරම්භ කළේ Cyrus the Great විසින්.
මෙම අධිරාජ්‍යය
• මැදපෙරදිග
• දකුණු ආසියාව
• යුරෝපයේ සමහර කොටස්
• උතුරු අප්‍රිකාව
වටා විශාල භූමි ප්‍රදේශයක් පාලනය කළා.
පර්සියානු ජනතාවට තිබුණ විශේෂ ලක්ෂණ මොනවාද?
• ශක්තිමත් ජාතික හැඟීම
• සංස්කෘතික ගෞරවය
• විදේශ බලයට යට නොවෙන එඩිතර ස්වභාවය
මේ ගති ලක්ෂණ අදටත් ඉරානයේ දක්නට ලැබෙනවා.
සම්පත් – ඉරානයේ සැඟවුණු බලය මෙයයි….
ඉරානය ලෝකයේ සම්පත් වැඩිම රටවල් අතරින් එකක්.
තෙල් සහ වායු
• ලෝකයේ විශාලම තෙල් සංචිත අතර ඉරානය මුල් තැනක් ගන්නවා.
• ලෝකයේ විශාලම Natural Gas සංචිත වලින් එකක් ලෙසද සැලකෙනවා.
ඉරානය OPEC හිද වැදගත් සාමාජිකයෙක්.
සම්බාධක කෙතරම් තිබුණත් ඔවුන්ට තමන්ටම ආර්ථිකය පවත්වාගන්න පුළුවන් බලයක් හිමි වෙලා තියනවා.
භූගෝලීය වටිනාකම – යුද්ධයටත්, වෙළඳාමටත් ඉතා වැදගත්.
ඉරානය පිහිටලා තියෙන්නේ Persian Gulf අසල. මෙය ලෝක තෙල් ගමන් කරන ප්‍රධාන මාර්ග වලින් එකක්.
ඒ නිසා
ඉරානයට සම්පූර්ණයෙන්ම පීඩනයක් එල්ල කරන්න බටහිර රටවල් වලට අමාරුයි නෙමෙයි. කළ නොහැකි දෙයක්.
ලෝක ආර්ථිකයටත් එය විශාල වශයෙන් වැදගත් කාරණාවක්. දැන් අපිට ඒ ගැන පැහැදිලි සාක්ෂි තියනවා.
සම්බාධක මැද ඉරානය දශක ගණනාවක් පුරා සටනක….
1979 දී සිදු වූ Iranian Revolution පසුබැසීමෙන් පස්සේ
ඉරානය සහ ඇමරිකාව අතර සම්බන්ධතා මුළුමනින්ම වගේ බිඳ වැටුණා.
ඊට පස්සේ
• ආර්ථික සම්බාධක
• තෙල් තහනම්
• බැංකු තහනම්
• හමුදා පීඩනය
මේ හැම දෙයක්ම ඔවුන්ට තිබුණා.ඒත් ඉරානය කිසිදිනක කඩා වැටුණේ නෑ.
ඉරාන – ඉරාක් යුද්ධයත් ජයගත් රටක්….
1980–1988 අතර Iran–Iraq War , ඉරානයට විශාල හානි ඇති කළ යුද්ධයක් වුනා. ඒ වෙලාවේ ලෝකයේ බොහෝ රටවල් ඉරාකයට උදව් කළා.
නමුත් ඉරානය පරාජය නොවී තමන්ගේ රට රැක ගත්තා.
මෙය ඔවුන්ගේ
ඉවසීම.
ජාතික ආලය.
යුද්ධයට සූදානම් මනස.
පෙන්වන තවත් උදාහරණයක්.
සම්බාධක තිබුණත් ඉරානය දියුණු වූ ක්ෂේත්‍ර…..
සම්බාධක තිබුණ නිසා ඉරානයට තමන් විසින්ම දියුණු වෙන්න වුණා.තමන්ගේ දේවල් තමන්ටම සපයගන්න සිදුවුනා.
ඒ නිසා ඔවුන් අද
• න්‍යෂ්ටික තාක්ෂණය
• මිසයිල් තාක්ෂණය
• වෛද්‍ය විද්‍යාව
• නැනෝ තාක්ෂණය
• ඖෂධ නිෂ්පාදනය
වැනි ක්ෂේත්‍ර වල ශක්තිමත් ලෙස ඉදිරියෙන් සිටිනවා.
පීඩනය ඔවුන්ව බිඳ දැම්මේ නෑ, එය ඔවුන්ව තවත් ශක්තිමත් කළා
ඉරානයේ සැබෑ රහස , ජාතික ගෞරවයද?
ඉරානයේ ජනතාවට තියෙන ලොකුම බලය
• තමන්ගේ ඉතිහාසයට ආදරය කිරීම.
• තමන්ගේ රටට ගෞරව කිරීම.
• විදේශ බලයට යට නොවෙන මනස.
ඔවුන් හිතන දෙය හරිම සරලයි:
“අපි තනිව හිටියත්, අපි ඉරානයයි.”![]()
අවසාන වශයෙන් අපිට ඉරානයෙන් ඉගෙන ගන්න තියන පාඩම් බොහෝයි. ලෝක දේශපාලනයේ තනිව හිටගන්න පුළුවන් රටවල් අතර ඉරානය එදත් අදත් ඉදිරියෙන්ම සිටිනවා.

0 Comments