← BACKUncategorized

“ඔහු නැවත ආවේ මේ වෙරළටයි…” තම පුතාගේ දේහය සොයාගත් වෙරළේ ස්මාරකයක් ඉල්ලන මවගේ වේදනාකාරී ඉල්ලීම.

BY Dhanush•PUBLISHED MARCH 19, 2026•1 MIN READ•0 COMMENTS

💔 අවසනාවන්ත ලෙස ජිවීතය අහිමිවගිය සිදුවීම….

පසුගිය ජූලි මාසයේදී එක්තරා දිනයක ඕකලන්ඩ් නගරයේ ආර්කල්ස් බොක්ක ප්‍රදේශයේදී 20 හැවිරිදි ටයිලර් නම් තරුණයෙක් අතුරුදහන් විය. පසුව ඔහුගේ නිසල සිරුර ඒ අසල වෙරළේ ජලය තුළ තිබී සොයා ගන්නා ලදී. ඔහුගේ අතුරුදහන් වීම දින 11 ක් පුරා සිදු වූ සෝදිසි මෙහෙයුමකට තුඩු දුන් අතර, ප්‍රදේශවාසීන් සහ තවත් අය ඔහුව සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් වෙරළ තීරයන්, ජල මාර්ග සහ වනාන්තරවල පවා ඇවිද ගියහ.

ටයිලර්ගේ මව තම පුතා අහිමි වූ දුක්බර සිදුවීම හේතුවෙන් දැන් විශේෂ ඉල්ලීමක් කරමින් සිටී. ඇයගේ පුතා මරණයට පත්වූ පසු ඔහුගේ දේහය සොයාගත්තේ මෙම වෙරළේ පිහිටි ගසක් අසලිනි.

“එම ප්‍රදේශයේ පුද්ගලයෙක් මට ගසේ ඡායාරූප සහ යාවත්කාලීන කිරීම් පවා ඉඳහිට එවයි. විශේෂයෙන් පුතාව සෙවීමේ මෙහෙයුමේ කොටසක් වීමෙන් පසු එය ඔහුටත් තමන්ගේ මෙන් හැගෙන ස්ථානයක් බවට පත්ව ඇත.”

ඒ වෙරළ ඇයට දැන් සාමාන්‍ය ස්ථානයක් නොවෙයි. එය ඇගේ පුතාට සම්බන්ධ වූ අවසන් මතකය බවට පත්ව ඇත.

🙏 “මේක තමයි ඔහු නැවත පැමිණි තැන, මට ඔහුගේ ජීවිතයේ අවසාන මතකය තියෙන තැන මෙතනයි” මේ මවගේ හදවතින්ම පැමිණි දුක්බර වචන පෙළකි.

ඇය දැන් බලාපොරොත්තු වන්නේ….,

😢ඇයට ඔහුට සමීපව සිටිය හැකි ස්ථානයක්,

😢ඇගේ දුක වේදනාව නිහතමානීව මතකයට නැගෙන ස්ථානයක් පමණයි.

🌿 ඇය ඇත්තටම ඉල්ලා සිටින්නේ මොනවාද?

මව පළාත් පාලන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ:

👉🏻වෙරළේ ස්ථිර ස්මාරකයක් පිහිටුවීමට අවසර ලබාදීමක්.

එය සිය පුතාව මතකයේ තබාගැනීමටත්, අනාගතයේදී එය සියලු දෙනාටම මතකයක් වන ස්ථානයක් බවට පත් කිරීමටත් ඇයට අවශ්‍ය බවයි.

👉 එය කුඩා බංකුවක්, ලිපි පුවරුවක් (plaque) හෝ සරල සංකේතයක් විය හැකිය.

⚖️ එහෙත් ගැටළුව මොකක්ද?

❌ඒත් මේ ඉල්ලීම සරලවම අනුමත වන්නේ නැහැ.

බලධාරීන් ප්‍රශ්නකරන්නේ…..,

👉🏻සමාජයේ පොදු ස්ථානවල (වෙරළ වැනි) ස්මාරක තැබීම සුදුසුද?

👉🏻අනෙකුත් පවුල්වලටත් මෙය උදාහරණයක් වෙයිද?

👉🏻පරිසර සහ නීතිමය සීමාවන් වලට අනුකූලද? යන්නයි.

මේ වනවිට මෙය නීතිමය ප්‍රශ්නයකට වඩා, මවකගේ හදවත බිදුණු වේදනාත්මක ඉල්ලීමක කතාවක්.

ඇගේ මියගිය පුතා කිසිදින අමතක නොවෙන, ඇයට අනුව ඔහු තමවත් මතකයේ ජීවත් වන වෙරළ තීරයක්. එය ඇගේ දුක සමනය කරගන්න පුළුවන් එකම ස්ථානයයි.

මෙම සංවේදී ඉල්ලීම ගැන ඔබට හිතෙන්නේ මොනවාද?

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *