← BACKUncategorized

“සෑම පුද්ගලයෙකුටම සතියේ එක් දවසක් වාහන භාවිතය තහනම්”ඉන්ධන අර්බුදයට පැරණි විසඳුම් නැවත ගන්නවාද?Sir Bill Birch ගේ 1970 අත්දැකීම්.

BY Dhanush•PUBLISHED MARCH 20, 2026•1 MIN READ•0 COMMENTS

🧓 Sir Bill Birch කවුද?
👉🏻නවසීලන්තයේ හිටපු Energy Minister (බලශක්ති ඇමති)

👉🏻1970 දශකයේ අග භාගයේ “Carless Days” නීතිය ක්‍රියාත්මක කළ ප්‍රධාන පුද්ගලයා.

👉🏻අද නැවත ඉන්ධන අර්බුදයක් උද්ගත වෙද්දී, ඔහුගේ අදහස් වලට විශාල අවධානයක් ලැබී තිබෙනවා.

🚗 “Carless Days” කියන්නේ මොකක්ද?

1979 දීත් මෙවැනිම ඉන්ධන අර්බුදයක් ඇතිවුනා.එහිදී,

👉🏻සෑම පුද්ගලයෙකුටම සතියේ එක් දවසක් වාහන භාවිතා කිරීම තහනම් වුනා.

👉🏻මෝටර්‍ර්රථ වල වින්ඩ්ස්ක්‍රීන් එකේ ස්ටිකර් එකක් තිබුණා. ඒ ස්ටිකර් එකෙන් “ඔබට ධාවනය කරන්න බැරි දවස” පෙන්වා තිබුණා.

❌මෙය හඳුන්වනු ලැබුවේ “Carless Days” ලෙසයි.

⚠️ඉතින් ඒ වැඩේ සාර්ථකද වුනාද?

Sir Bill Birch ට අනුව:

👉🏻ඒක හොඳ අත්දැකීමක් නෙවෙයි.

👉🏻නමුත් ඉතා දැඩි ක්‍රමයකට වඩා එක යහපත් බව ඔහු කියනවා.

‼️නමුත් එහි තිබූ සැබෑම තත්ත්වය……..

👉🏻ඉන්ධන භාවිතය 3%ක් පමණක් අඩු වුණා.

👉🏻බොහෝ දෙනා නීති උල්ලංඝනය කළා.

👉🏻ස්ටිකර් මාරු කළා.

👉🏻වෙනත් වාහන භාවිතා කළා.

💁🏻‍♂️එබැවින් අද විශේෂඥයන් පවසන්නේ මෙම ක්‍රමය අසාර්ථක බවයි.

⛽ අද (2026) ඉන්ධන අර්බුදය….

මැදපෙරදිග ගැටුම් නිසා ලෝක ඉන්ධන සැපයුමට බලපෑම් ඇති වී තිබෙනවා. නවසීලන්තය බොහෝ ඉන්ධන ආනයනය කරන රටක්.

ඒ නිසා මිල ඉහළ යාම + සැපයුම් අස්ථාවර වීම

බලාපොරොත්තු විය හැකි අර්බුදයක්.

💡 Sir Bill Birchගේ වර්තමාන අදහස – “පරණ දේ නැවත කරන්න එපා”

👉 ඔහු පැහැදිලිව කියනවා:

1️⃣ Carless Days නැවත ගන්න කියන්නේ නෑ, එය අදට සුදුසු සරල විසඳුමක් නෙවෙයි බව.

2️⃣ තත්ත්වය හොඳින් විශ්ලේෂණය කරන්න. රටේ;

👉🏻කොච්චර ඉන්ධන තියෙනවාද?

👉🏻ඉන්දන මිලට බලපාන්නේ මොනවාද?

මේ සියල්ල හොඳින් අධ්‍යයනය කරන්න

3️⃣ ජනතාව සහ ව්‍යාපාර එක්ක කතා කරන්න.

රජය / ව්‍යාපාර / ප්‍රවාහන අංශ / සාමාන්‍ය ජනතාව
👉 එකට එකතුවී සංවාදයක් කරන්න ඕනේ.

4️⃣ දිගුකාලීන සැලැස්මක් හදන්න..

කෙටි කාලීන විසඳුම් වෙනුවට අනාගතයට සූදානම් වෙන්න.

ඔබට හිතන විදියට ඉන්දන ප්‍රශ්නය අවම කරන්න නවසීලන්ත රජයට ගන්න පුළුවම් විසදුම් මොනවාද?

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *