
නවසීලන්තයේ උතුරු දිවයිනට මේ දිනවල වැසි සහ තද සුළං සමඟ දැඩි කාලගුණික තත්වයක් ඇතිවෙමින් තිබෙනවා. එම තත්ත්වය හේතුවෙන් Northland ප්‍රදේශයේ ජනතාව 2000කට ආසන්න සංඛ්‍යාවක් විදුලිය නොමැතිව අසීරු තත්ත්වයකට පත්වී තිබෙනවා.
🔌 විදුලි කප්පාදුවෙන් ප්‍රදේශ කිහිපයකට දැඩි බලපෑම්.
වැසි තත්ත්වය දැඩිවීමත් සමඟ පහත ප්‍රදේශවලට විදුලිය අහිමිවී ඇත:
⚡ Oākura – පුද්ගලයින් 750ක්
⚡ Matapouri & Tutukaka – පුද්ගලයින් 802ක්
⚡ Aranga – 160ක්
⚡ Waipoua Kauri Forest – ප්‍රදේශයේ විදුලි බිඳවැටීම්.
⚡ Mamaranui & Omamari – 151ක්
⚡ Pukehuia අවට – 33ක්
👉 මෙතෙක් විදුලි කප්පාදුවට නිශ්චිත හේතුව පැහැදිලි නොවුණත්, දැඩි වැසි සහ සුළං හේතුවෙන් විදුලි කේබල් හා පද්ධතිට හානි සිදුවී ඇති බව සැලකේ.
🌧️ රට පුරා අනතුරු ඇඟවීම් 21ක් වාර්තා වෙයි.!
මෙම සතිය තුළ නවසීලන්තය පුරා දැඩි කාලගුණ අනතුරු ඇඟවීම් සහ අවධානම් 21ක් නිකුත් කර තිබේ.
🔴 දැඩි වර්ෂා අනතුරු ඇඟවීම් (Heavy Rain Warnings)
🌧️ Northland (Kaikohe සිට Whangarei දක්වා)
⏰ බදාදා රෑ 8 සිට සිකුරාදා අලුයම 4 දක්වා
💧 280mm දක්වා වැසි
🌧️ Northland අනෙක් ප්‍රදේශ
💧 220mm දක්වා වැසි
🌧️ Great Barrier Island – 200mm
🌧️ Auckland (උතුරු කොටස) – 170mm
🌧️ Coromandel Peninsula – 200mm
🌧️ Tasman & Richmond Ranges – 150mm සිට 250mm දක්වා.
🌪️ තද සුළං අනතුරු ඇඟවීම් (Strong Wind Warnings)
🌬️ Auckland & Great Barrier Island
⚠️ පැයට 120km/h දක්වා සුළං
🌬️ Northland
⚠️ පැයට 120km/h දක්වා සුළං
⚠️ තවත් ප්‍රදේශ රැසකට අවධානම් තත්ව.
🌧️ Waikato, Taupo, Taranaki, Marlborough, Westland
🌧️ Canterbury & Otago සමහර කොටස් වලට.
🌬️ Coromandel & Waikato – තද සුළං අවධානම් පවතී.
‼️ මේ ප්‍රදේශවලට වැසි හා සුළං තත්ත්වය තවත් දරුණු විය හැකි බවට අනතුරු අඟවයි.
🚨 ජනතාවට ලබාදුන් උපදෙස්…..
⚠️ අනවශ්‍ය ගමන් අවම කරන්න.
⚡ විදුලි බිඳවැටීම් සඳහා සූදානම්ව සිටින්න.
🌧️ ගංවතුර සහ ජලය පිරෙන මාර්ග වලට පිවිසීමෙන් වළකින්න.
📱 නවතම කාලගුණ තොරතුරු නිරන්තරයෙන් පරීක්ෂා කරන්න.
හැමෝම අවධානයෙන් සහ පෙර සූදානමින් පසුවෙන්න කියල ලක්කිවි නිව්ස් ආදරෙන් මතක් කරනව. රැදී සිටින්න අප සමගින්. අපි මේ පිළිබද නිරන්තර යාවත්කාලීන කිරීම ඔබ වෙත ගෙන එන්නම්.

0 Comments