← BACKSport

ක්‍රිකට් ලෝකයේ අතිශය දැවැන්තම ලීග් තරඟාවලිය වන IPL 2026 අද ඇරඹෙයි.

BY DhanushPUBLISHED MARCH 28, 20261 MIN READ0 COMMENTS

​ක්‍රිකට් ලෝකයේ දැවැන්තම සැණකෙළිය, TATA IPL 2026 (19 වන අදියර) දැන් ආරම්භ වුණා.
මෙවර තරඟාවලිය වෙනදාටත් වඩා උද්යෝගිමත් මුහුණුවරක් ගෙන තිබෙන්නේ නව නීති රීති සහ ප්‍රබල කණ්ඩායම් ගැටුම් සමඟිනුයි.

​මෙන්න මෙවර තරඟාවලියේ ඔබ දැනගත යුතුම වැදගත් තොරතුරු.

​📅 තරඟ කාලසටහන සහ කණ්ඩායම්.

  • ​ආරම්භය: 2026 මාර්තු 28 ( Bengalaru හිදී)
  • ​අවසානය (Final): 2026 මැයි 31
  • ​සමස්ත තරඟ සංඛ්‍යාව: තරඟ 74ක්
  • ​කණ්ඩායම්: කණ්ඩායම් 10ක්.
    (CSK, MI, RCB, KKR, SRH, RR, PBKS, DC, GT, LSG)

​🏆 කණ්ඩායම් බෙදීම (Format)
​මෙවර තරඟාවලිය කාණ්ඩ දෙකකින් පැවැත්වෙන අතර, එක් කණ්ඩායමකට මූලික වටයේදී තරඟ 14 බැගින් හිමිවේ.
Group A: CSK, KKR, RR, RCB, PBKS
​Group B: MI, SRH, GT, DC, LSG

​🚨 BCCI හඳුන්වා දුන් නව නීති සහ වෙනස්කම්.

​මෙවර ක්‍රීඩකයන්ගේ විනය සහ තණතීරු ආරක්ෂා කිරීම වෙනුවෙන් දැඩි නීති කිහිපයක් පනවා ඇත.

  1. ​තරඟ දිනයේ පුහුණුවීම් තහනම්.
    ප්‍රධාන තණතීරුව ආරක්ෂා කර ගැනීම සඳහා තරඟ පැවැත්වෙන දිනවල ක්‍රීඩාංගණයේ පුහුණුවීම් සිදු කිරීම තහනම් කර ඇත.
  2. ​නිල ඇඳුම් නීති.
    තරඟයෙන් පසු පැවැත්වෙන ප්‍රදානෝත්සව (Presentation) සඳහා අත් රහිත ජර්සි හෝ “Floppy hats” පැළඳීම තහනම් කර තිබේ.
  3. ​Orange & Purple Caps.
    අදාළ හිමිකරුවන් තරඟය ආරම්භයේදී අනිවාර්යයෙන්ම එම තොප්පි පැළඳ සිටිය යුතුය.
  4. ​පවුලේ සාමාජිකයන්ට සීමා.
    ක්‍රීඩකයන්ගේ පවුලේ සාමාජිකයන්ට කණ්ඩායම් බස් රථයේ ගමන් කිරීම සහ පුහුණු සැසිවලදී පිටියට ඇතුළු වීම සීමා කර ඇත.

​📍 ප්‍රධාන ක්‍රීඩාංගණ.

​ඉන්දියාව පුරා විසිරුණු ක්‍රීඩාංගණ 13කදී තරඟ පැවැත්වේ. මීට අමතරව Guwahati, Dharamsala සහ Raipur වැනි නගරවලටද මෙවර තරඟාවලියේ සත්කාරකත්වය හිමිවී ඇත.

​📣 ඔබේ ප්‍රියතම කණ්ඩායම කුමක්ද?
මෙවර කුසලානය කාට හිමිවෙයිද?
පහතින් Comment කරන්න! 👇

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *